එහෙත්, පොළොවේ සියලු වන සතුන්ට ද අහසේ පක්ෂීන්ට ද උරගයන්ට ද සියලු ජීවමාන සතුන්ට ද ආහාර පිණිස නිල් පලා දෙමි”යි වදාළ සේක. එසේ ම විය.
ගීතාවලිය 145:15 - Sinhala New Revised Version සියල්ලන්ගේ දෙනෙත් ඇවිටිල්ලෙන් ඔබ දෙස යොමු කර තිබේ. ඔබ ද සුදුසු කාලයේ දී ඔවුන්ට ආහාර දෙන සේක. Sinhala New Revised Version 2018 සියල්ලන්ගේ දෙනෙත් ඇවිටිල්ලෙන් ඔබ දෙස යොමු කර තිබේ. ඔබ ද සුදුසු කාලයේ දී ඔවුන්ට ආහාර දෙන සේක. Sinhala Revised Old Version සියල්ලන්ගේ ඇස් ඔබ දෙස යොමුකර තිබේ; ඔබද සුදුසු කාලයේ ඔවුන්ට කෑම දෙනසේක. |
එහෙත්, පොළොවේ සියලු වන සතුන්ට ද අහසේ පක්ෂීන්ට ද උරගයන්ට ද සියලු ජීවමාන සතුන්ට ද ආහාර පිණිස නිල් පලා දෙමි”යි වදාළ සේක. එසේ ම විය.
සමිඳාණෝ සියල්ලන්ට කරුණාව පාන සේක; එතුමන්ගේ සුමුදු දයාව මවන ලද සියල්ල ද වෙත පැතිරෙයි.
වන මෘගයෙනි, බිය නොවව්, මන්ද, කෙතේ තණ සරුසාර ය; ගස්වල පල හටගන්නේ ය. අත්තික්කා ගස්වලින් හා මිදි වැල්වලින් බහුල අස්වැන්නක් ලැබේ.
අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේ වත්, කපන්නේ වත්, අටුවල රැස්කරන්නේ වත් නැත. එහෙත්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ ඔවුන්ට වඩා බොහෝ වටිනවා නොවේ ද?
කපුටන් ගැන කල්පනා කරන්න: උන් වපුරන්නේ නැත, කපන්නේත් නැත, උන්ට අටුකොටු නැත, ගබඩාවක් ද නැත. එහෙත් දෙවියන් වහන්සේ උන් පෝෂණය කරන සේක. ඔබ පක්ෂීන්ට වඩා කොතරම් අගනේ ද?
උදව්උපකාරයෙන් යැපෙන අයෙකු සේ උන් වහන්සේ මිනිස් අත්වලින් උපස්ථාන නොලබන සේක. මන්ද, සියල්ලන්ට ජීවිතය ද හුස්ම ද අන් සියලු දේ ද දෙන්නේ උන් වහන්සේ ය.