ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 141:8 - Sinhala New Revised Version

එසේ ය, මහෝත්තම දෙවි ස්වාමීනි, මාගේ ඇස් ඔබ දෙස යොමු වී තිබේ. මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබමි. මා අනාථ වන්නට ඉඩ නුදුන මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එසේ ය, මහෝත්තම දෙවි ස්වාමීනි, මාගේ ඇස් ඔබ දෙස යොමු වී තිබේ. මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබමි. මා අනාථ වන්නට ඉඩ නුදුන මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එසේය, ස්වාමිවූ දෙවියන්වහන්ස, මාගේ ඇස් ඔබ දෙස යොමුවී තිබේ. මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබමි; මාගේ ප්‍රාණය අසරණවෙන්ට නොහළ මැනව.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 141:8
9 හුවමාරු යොමු  

අපේ දෙවියන් වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය නොකරන සේක් ද? මන්ද, අපට විරුද්ධ ව එන මේ විශාල සෙනඟ ඉදිරියෙහි සිටින්න අපට ශක්තිය නැත: අපි කුමක් කරමු ද කියාත් නොදනිමු. එබැවින්, අපේ ඇස් ඔබ දෙස ම යොමු කර තිබේ.”


එතුමාණෝ අසරණයන්ගේ යැදුමට සවන් දෙන සේක; ඔවුන්ගේ යැදුම හෙළා නොදකින සේක.


හිමි තුමන් වෙත රැකවරණය මට ඇත. එබැවින්, “පක්ෂියෙකු මෙන් කඳු යායට පියාඹන්නැ”යි ඔබ මට කියන්නේ කුමට ද?


බියෙන් ඇලළෙමින්, රජිඳුන් පා සිඹගන්න. නැතහොත් එතුමාණන් උදහසින් විගසින් ඔබ වැනසෙනු ඇත. මන්ද, එතුමන් උදහස වහා ඇවිලෙන්නේ ය. සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආසිරි ලබන්නෝ ය.


අසරණ දිළිඳු අය වතුර සොයා එය නො ලැබ, උගුර කට වේළී පිපාසයෙන් සිටින විට සමිඳාණන් වන මම ඔවුන්ගේ යැදුම්වලට පිළිතුරු දෙන්නෙමි. ඉශ්රායෙල්හි දෙවිඳාණන් වන මම ඔවුන් අත්නාරින්නෙමි.


“ඔබ අනාථ වීමට ඉඩ නොදෙන්නෙමි, මම නැවත ඔබ වෙතට එන්නෙමි.