ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 141:6 - Sinhala New Revised Version

ඔවුන්ගේ විනිශ්චයකාරයන් ප්‍රපාතවලින් හෙළනු ලැබූ කල මාගේ වචන සැබෑ බව සෙනඟ පිළිගනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔවුන්ගේ විනිශ්චයකාරයන් ප්‍රපාතවලින් හෙළනු ලැබූ කල මාගේ වචන සැබෑ බව සෙනඟ පිළිගනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන්ගේ විනිශ්චයකාරයෝ ප්‍රපාතවලින් හෙළනු ලබති; ඔව්හු මාගේ වචන අසන්නෝය; මක්නිසාද ඒවා මිහිරිය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 141:6
12 හුවමාරු යොමු  

දාවිත්ගේ අවසාන වචන මෙසේ ය. ජෙස්සේගේ පුත්‍රයා ද උසස් කරනු ලැබූ මනුෂ්‍යයා ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේගේ අභිෂේක ලත් නැතැත්තා ද ඉශ්රායෙල් ජාතියේ මිහිරි ගායකයා ද වන දාවිත් මෙසේ කියයි:


යුද්ධ පිළිවෙළට පැමිණෙන්න පුළුවන් වූ මේ සියලු යුද්ධ භටයෝ සියලු ඉශ්රායෙල්වරුන් පාලනය කිරීම සඳහා දාවිත් රජකමට පත් කිරීමට සම්පූර්ණ සිතින් හෙබ්‍රොන්ට ආවෝ ය. අනික් සියලු ඉශ්රායෙල්වරුත් දාවිත් රජකමට පත් කිරීමට එක් සිත් ව සිටියෝ ය.


මුළු ඉශ්රායෙල් සභාවට කතා කොට, “ඔබ හැමට මා කියන දේ හොඳ ය කියා පෙනේ නම්, අපේ දෙවි සමිඳාණන් වහන්සේත් ඊට කැමැති වන සේක් නම්, මුළු ඉශ්රායෙල් දේශයෙහි ඉතිරි ව සිටින අපේ සහෝදරයන්ට ද ඔවුන් සමඟ තමන්ගේ ගම් බිම් සහිත නගරවල සිටින පූජකයන්ට ද ලෙවීවරුන්ට ද අප ළඟට රැස්වන්න කියා සෑම දිශාවලට දන්වා යවා,


ජුදාවරු තව දසදහසක් පණපිටින් අල්ලාගෙන, ඔවුන් පර්වතයේ මුදුනට ගෙන ගොස් පර්වතය මුදුනෙන් පහළට හෙළා දැමුවෝ ය. ඔව්හු සියල්ලෝ ද සුණු විසුණු වූ හ.


රජිඳුනි, ඔබ මෙන් රූපසම්පන්න කෙනෙක් මිනිසුන් අතර තවත් නැත. ඔබ ව්‍යක්ත කථිකයෙකි, දෙවි තුමාණෝ ඔබට සැම දා ආසිරි දුන් සේක.


සියල්ලෝ ම උන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේගේ මුවින් පහළ වූ කාරුණික වචන ගැන පුදුම ව, “මේ ජෝසෙප්ගේ පුතා නොවේ දැ”යි කී හ.