ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 139:3 - Sinhala New Revised Version

මා ගමනක් ගියත්, නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ග දන්න සේක. මාගේ හැසිරීම සහමුලින් ම ඔබ දන්න සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මා ගමනක් ගියත්, නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ග දන්න සේක. මාගේ හැසිරීම සහමුලින් ම ඔබ දන්න සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔබ මාගේ ගමනත් සයනයත් විමසා බලනසේක, මාගේ සියලු මාර්ග දැනගෙන සිටින සේක.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 139:3
21 හුවමාරු යොමු  

වැලපීමේ කාලය නිම වූ විට දාවිත් තමාගේ නිවෙසට ඈ ගෙන්වා ගත්තේ ය. ඔහු ඈ සරණ පාවාගත්තේ ය. ඈ දාවිත්ට දාව පුත්‍රයෙකු ලැබුවා ය. එහෙත්, දාවිත් කළ ක්‍රියාව ගැන සමිඳාණන් වහන්සේ ඉතා අප්‍රසන්න වූ සේක.


ඔහු ඒදොම්හි හැම තැන ම මුරකාර හමුදා තැබුවේ ය. සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවෝ වූ හ. දාවිත් ගිය ගිය තැන්හි සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත් කර දුන් සේක.


එහෙත්, මා ගන්න හැම පියවර ම එතුමාණෝ දන්න සේක; මා පරීක්ෂණයකට භාජන කළොත් මා තනි රත්රන් බව දැනගනු ඇත.


එතුමාණෝ මා යන එන තැන් බලා මාගේ හැම පියවරක් ම ගණන් නොකරන සේක් ද?


මම ඔබේ නියෝග හා ශික්ෂා පද පිළිපැදීමි. මාගේ දිවි මඟ ඔබ ඉදිරියෙහි ය.


ගණනින් ඒවා වැලිවලටත් වැඩි ය. ඒවා කෙසේ මට ගිණිය හැකි ද? ඒවා ගැන නිම කිරීමට නම්, ඔබට මෙන් ආයුස මටත් තිබිය යුතු ය.


අපේ සියලු රහස් හොඳ හෝ නරක හෝ වේ වා දෙවියන් වහන්සේගේ විනිශ්චයයට භාජනය වනු ඇත.


තමන්ගේ අදහස් සඟවාගන්න උත්සාහ කරන අයට වන විපතක මහත! ඔව්හු රහසේ තමන්ගේ උපායයන් යොදමින්, කිසිවෙකු ඔවුන් දකින්නේ වත්, ඔවුන් කරන දේ දැන ගන්නේ වත් නැතැ යි සිතති.


මට නොපෙනෙන තැනක සැඟවීමට කිසිවෙකුට නොහැකි ය. මා ස්වර්ගයේත්, පොළොවේත් සෑම තැන ම වැඩ සිටින බව නුඹලා නොදන්නහු ද?


උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්‍ය අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැ”යි කී ය.


රාත්‍රි භෝජනය වළඳන වේලාව පැමිණියේ ය. යක්ෂයා උන් වහන්සේ පාවා දීමට සීමොන්ගේ පුත් ජූදස් ඉස්කාරියොත්ගේ සිත ඒ වන විටත් පොළඹවා තිබිණි.


ජේසුස් වහන්සේ මෙසේ පවසා, බොහෝ සේ කැළඹී, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, ඔබ අතරෙන් කෙනෙක් මා පාවා දෙන්නේ ය”යි ප්‍රකාශ කළ සේක.