සුදනෙකු මට දඬුවම් දී තරවටු කළත් එය කාරුණික ක්‍රියාවකි. එහෙත්, දුදනන් දෙන ගරු සම්මාන මම ප්‍රිය නොකරමි. මන්ද, මාගේ අයැදුම නිතර ම ඔවුන්ගේ දුෂ්ටකමට විරුද්ධ ව බැවිනි.
ගීතාවලිය 133:2 - Sinhala New Revised Version එය, ආරොන්ගේ හිස පිට වත් කරන ලද, ඔහුගේ රැවුල දිගේ කර පටිය දක්වා ගලා ගිය අනගි තෙලක් මෙන් පැතිර යන්නෙකි. Sinhala New Revised Version 2018 එය, ආරොන්ගේ හිස පිට වත් කරන ලද, ඔහුගේ රැවුල දිගේ කර පටිය දක්වා ගලා ගිය අනගි තෙලක් මෙන් පැතිර යන්නෙකි. Sinhala Revised Old Version එය හිස පිට වත්කළාවූ, රැවුල දිගේ, එනම් ආරොන්ගේ රැවුල දිගේ, ඔහුගේ වස්ත්‍රවල වාටිය දක්වා බැස්සාවූ අනර්ඝ තෛලය හා සමානය; |
සුදනෙකු මට දඬුවම් දී තරවටු කළත් එය කාරුණික ක්‍රියාවකි. එහෙත්, දුදනන් දෙන ගරු සම්මාන මම ප්‍රිය නොකරමි. මන්ද, මාගේ අයැදුම නිතර ම ඔවුන්ගේ දුෂ්ටකමට විරුද්ධ ව බැවිනි.
එහි පහළ මුළු වාටිය දිගේ ම, නිල්, දම් සහ තද රතු පැහැති දෙළුම් ගෙඩි ද ඒවා අතරතුර වටේට ම රනින් කළ මිණි ගෙඩි ද සෑදිය යුතු ය.
සුවඳ ද්‍රව්‍ය සංයෝගකරුවෙකු කරන්නාක් මෙන්, ඒවා ලුණෙන් පදම් කොට ශුද්ධ සුගන්ධයක් සෑදිය යුතු ය.
තවද, ඔව්හු එහි පහළ වාටිය දිගේ ම නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද දෙළුම් ගෙඩි සෑදූ හ.
ඔබේ සුවඳ විලවුන් සුමිහිරි ය. ඔබේ නම වෑහෙන සුවඳ විලවුන් වැනි ය. එබැවින් මුවැත්තියෝ ඔබට පෙම් වඩති.
එවිට මරියා ඉතා වටිනා සුවඳ විලවුන් ලීටර් භාගයක් රැගෙන, උන් වහන්සේගේ පාද ආලේප කොට, ඇගේ කෙස් කළඹින් පිසදැමුවා ය. එහි සුවඳින් ගෙය පිරීගියේ ය.