ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 132:10 - Sinhala New Revised Version

ඔබේ මෙහෙකරු වූ දාවිත්ට දුන් පොරොන්දුව පරිදි ඔබේ අභිෂේක ලත් තැනැත්තා පිළිකෙව් නොකළ මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබේ මෙහෙකරු වූ දාවිත්ට දුන් පොරොන්දුව පරිදි ඔබේ අභිෂේක ලත් තැනැත්තා පිළිකෙව් නොකළ මැනව.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔබගේ මෙහෙකරුවූ දාවිත් නිසා ඔබගේ අභිෂේකලත් නැනැත්තාගේ මුහුණ ඉවත් නොකළ මැනව.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 132:10
11 හුවමාරු යොමු  

එහෙත්, මම මුළු රාජ්‍යය ඔහුගේ අතින් නොගෙන මා විසින් තෝරාගන්න ලද, මාගේ ආඥා හා පණත් රක්ෂා කළ, මාගේ මෙහෙකරු වූ දාවිත් නිසා ඔහුගේ මුළු ජීවිත කාලය තුළ අධිපති ව සිටින්න ඔහුට ඉඩ හරින්නෙමි.


මක්නිසා ද, මා නිසාත්, මාගේ මෙහෙකරු වූ දාවිත් නිසාත් මේ නුවර ගළවන්න මම එය රැකගන්නෙමි.’ “


එසේ වී නමුත්, සමිඳාණන් වහන්සේ තමන්ගේ මෙහෙකරු වූ දාවිත්ට ඔහුගේ පෙළපතින් එන කෙනෙකු නොනිවෙන පහනක් මෙන් රට පාලනය කරන බවට පොරොන්දු වූ ලෙස ඔහු නිසා ජුදා රාජ්‍යය නැති කරන්නට අකමැති වූ සේක.


දෙවි සමිඳුනි, ඔබේ අභිෂේක ලත් තැනැත්තා වෙතින් අහකට නොහැරෙනු මැනව. ඔබේ මෙහෙකරු වූ දාවිත්ට ඔබ දැක්වූ කරුණාව ප්‍රසාදයෙන් සිහි කළ මැනව.”


රජුන්ට ජය දෙන්නේත්, ඔබේ මෙහෙකරු දාවිත් රුදුරු කඩුවෙන් මුදාගන්නේත් ඔබ ය.


ඔබේ මණ්ඩපයෙහි එක් දිනක් සිටීම අන් තැනක දින දහසකට වඩා කොපමණ වාසනාවන්ත ද? දුදනන්ගේ නිවෙස්වල ජීවත් වීමට වඩා මාගේ දෙවිඳුන්ගේ නිවෙසෙහි දොරටුව ළඟ සිටීමට මම කැමැත්තෙමි.


අපේ පලිහ වන දෙවිඳුනි, බලනු මැනව. ඔබේ අභිෂේක ලත් තැනැත්තා දෙස කරුණා බැල්ම හෙළනු මැනව.


ඉන්පසු ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ද දාවිත් නම් තමන්ගේ රජු ද සොයා එන්නෝ ය. මතු කාලයේ දී ඔව්හු ගරුබිය ඇති ව සමිඳාණන් වහන්සේ වෙත පැමිණ, උන් වහන්සේගේ යහපත් දීමනා ලබන්නෝ ය.