එහෙත්, මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ පොරොන්දු වූ පරිදි මට පිහිට වුව මැනව; ඔබේ තිර පෙම යහපත් බැවින් මා මුදාගත මැනව.
ගීතාවලිය 119:149 - Sinhala New Revised Version ඔබේ ප්‍රේමය ස්ථිර නිසා මාගේ හඬ ඇසුව මැනව. සමිඳුනි, ඔබේ යුක්තිය ලෙස මා දිවි රැකගත මැනව. Sinhala New Revised Version 2018 ඔබේ ප්‍රේමය ස්ථිර නිසා මාගේ හඬ ඇසුව මැනව. සමිඳුනි, ඔබේ යුක්තිය ලෙස මා දිවි රැකගත මැනව. Sinhala Revised Old Version ඔබගේ කරුණාගුණය පරිද්දෙන් මාගේ ශබ්දය ඇසුව මැනව. ස්වාමිනි, ඔබගේ විනිශ්චයන් ලෙස මා ප්‍රාණවත්කළ මැනව. |
එහෙත්, මහෝත්තම දෙවි ස්වාමීනි, ඔබ පොරොන්දු වූ පරිදි මට පිහිට වුව මැනව; ඔබේ තිර පෙම යහපත් බැවින් මා මුදාගත මැනව.
දෙවිඳුනි, ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව; ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකාදැමුව මැනව.
දෙවිඳුනි, මා පැමිණිලි කරන විට මා හඬට කන් දුන මැනව; මේ භයානක සතුරන්ගෙන් මාගේ ජීවිතය ආරක්ෂා කළ මැනව.
සමිඳුනි, ඔබේ තිර පෙම යහපත් බැවින් මට පිළිතුර දුන මැනව! ඔබේ ඉමහත් දයාව අනුව ඔබේ මුහුණ මා වෙත හැරෙව්ව මැනව!
සමිඳුන්ගේ ස්ථිර ප්‍රේමය ගැන ද එතුමාණන් අපට කර ඇති සියල්ල ගැන ද එතුමාණන්ගේ දයානුකම්පාවත්, සීමා රහිත දයාවත් අනුව ඉශ්රායෙල් සෙනඟට දුන් සියලු ආසිරි ගැන ද සිහි කොට මම එතුමන් පසසමි.