Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 119:40 - Sinhala New Revised Version

40 ඔබේ නියෝගයන්ට ආශා වීමි. ඔබේ දැහැමි බවෙහි මා ප්‍රාණවත් කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 ඔබේ නියෝගයන්ට ආශා වීමි. ඔබේ දැහැමි බවෙහි මා ප්‍රාණවත් කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

40 ඔබගේ නියෝගවලට ආශාවීමි. ඔබගේ ධර්මිෂ්ඨකමෙහි මා ප්‍රාණවත් කළ මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 119:40
20 හුවමාරු යොමු  

සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන් හට ජීවනය ලැබෙන පිණිස ය. සපුරා ම එය ලැබෙන පිණිස ය.


සැම විට ම ඔබේ නීති දැනගැනීමට මා සිත දැඩි ආශාවෙන් දැවෙන්නේ ය.


ප්‍රේමවන්ත සහෝදරවරුනි, මෙවැනි පොරොන්දු අපට ඇති බැවින් සිත කය කෙලෙසන සියලු දෙයින් වැළකී අප ම පවිත්‍ර කරගනිමින් දේව ගරුබිය ඇති ව අපගේ ශුද්ධවන්තකම පරිපූර්ණ කරගනිමු.


ඔබේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි සිතා බැලුව මැනව. සමිඳුනි, ඔබේ පෙම තිර නිසා මට නව දිවියක් දුන මැනව.


නිසරු දේ නැරඹීමෙන් මාගේ නෙත් වැළකුව මැනව; ඔබේ වචනයෙන් මා ප්‍රාණවත් කළ මැනව.


මම දූවිල්ලෙහි වැතිර සිටිමි. ඔබේ පොරොන්දුව ලෙස මා ප්‍රාණවත් කළ මැනව.


අපේ වැරදි ක්‍රියා හේතුකොටගෙන අප මැරී සිටිය දී පවා, ක්‍රිස්තුන් වහන්සේ සමඟ අප ජීවත් කර වදාළ සේක. ඔබ ගැළවී සිටින්නේ දේව වරප්‍රසාදයෙන් ය.‍


මන්ද, මාංසික තෘෂ්ණා ආත්මයාණන් වහන්සේට විරුද්ධ ය. ආත්මයාණන් වහන්සේ ද මාංසික තෘෂ්ණාවලට විරුද්ධ ය. දෙපක්ෂය අතර ඇති මේ විරෝධය නිසා, ඔබ කැමැති දේ ඔබට කළ නොහැකි ය.


එසේ ම ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති පරිදි: “පළමු මිනිසා වන ආදම් ජීවමාන කෙනෙක් විය.” අන්තිම ආදම් ජීවනදායක ආත්මයාණන් කෙනෙක් වූ හ.


ඔබ පරික්ෂාවට නොවැටෙන පිණිස අවදි ව සිට යාච්ඤා කරන්න. හිත නම් කැමැති ය; ගත නම් දුබල ය”යි වදාළ සේක.


සමිඳුනි, ඔබේ අනුකම්පාව ඉමහත් ය. ඔබේ නියමයන් ලෙස මට නව දිවියක් දුන මැනව.


ඔබේ ප්‍රේමය ස්ථිර නිසා මාගේ හඬ ඇසුව මැනව. සමිඳුනි, ඔබේ යුක්තිය ලෙස මා දිවි රැකගත මැනව.


මම බොහෝ සේ පීඩිත වීමි. සමිඳුනි, ඔබේ පොරොන්දු ප්‍රකාර මා ප්‍රාණවත් කළ මැනව.


ඔබේ මහා කරුණාව ලෙස මා පණ ගැන්වුව මැනව. එවිට මම, ඔබ වදාළ ශික්ෂා පද පිළිපදින්නෙමි.


මාගේ හිත මිතුර, ඔබ ආධ්‍යාත්මික ලෙස යහතින් සිටින්නාක් මෙන් සියල්ලේ දී යහතින් සිටින ලෙස ද, නිදුක් නීරෝගී ව සිටින ලෙස ද යාච්ඤා කරමි.


අනේ, මා වැනි කාලකණ්ණි මිනිහෙක්! මේ මරණීය ශරීරයෙන් මා මුදන්නේ කවරෙක් ද?


පියාණන් වහන්සේ මළවුන් උත්ථාන කොට ජීවත් කරවන්නාක් මෙන්, පුත්‍රයාණෝ ද තමන්ට අභිමත වූවන් ජීවත් කරවන සේක.


එකෙණෙහි ම දරුවාගේ පියා, “මම අදහමි, මාගේ ඇදහිල්ල මදිකම ගැන පිහිටවුව මැනවැ”යි මොරගා කීවේ ය.


ඔබේ පණත් පිළිපැදීමෙන් මාගේ චර්යාව ස්ථිර ව පැවතේ වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්