ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 109:3 - Sinhala New Revised Version

ඔව්හු ද්වේෂ සහගත වචනවලින් මට පහර දෙති; මට විරුද්ධ ව නිකරුණේ සටන් කරති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු ද්වේෂ සහගත වචනවලින් මට පහර දෙති; මට විරුද්ධ ව නිකරුණේ සටන් කරති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු ද්වේෂ වචනවලින් මා වටකොට නිෂ්කාරණයේ මට විරුද්ධව සටන්කළෝය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 109:3
14 හුවමාරු යොමු  

අබ්සලොම් පූජා ඔප්පු කරන අතර දාවිත්ගේ මන්ත්‍රීවරයෙකු ද ගිලොන් වැසියෙකු ද වන අහිතොපෙල් ඔහුගේ නගරය වූ ගිලොයෙන් ගෙන්වා ගත්තේ ය. මෙසේ කුමන්ත්‍රණය බලවත් වී සෙනඟ වඩ වඩා අබ්සලොම්ට එකතු වූ හ.


මා වටකර සැම දෙසින් බලා සිටිති; මා බිම හෙළීමට මාන බලති.


මාගේ සතුරෝ ගොන් රැළක් මෙන් මා වටකර සිටිති. බාෂාන්හි කුළු හරකුන් මෙන් මා වටලා සිටිති.


මාගේ සතුරෝ අයුක්ති සහගත ව මාගේ දුක ගැන ප්‍රීතිමත් නොවෙත් වා! මාගේ දුක් ගැනවිලි ගැන බැල්මෙන් සෙනඟ කුල්මත් නොවෙත් වා!


සුහද කතා ඔවුන් වෙත නැත; රටේ සාමකාමී අයට එරෙහි ව ඔව්හු බොරු බේගල් ගොතති.


කරුණක් නැතිව ම මා ඇල්ලීමට ඔව්හු මලපත් දැමූ හ; මා බැඳගැන්මට ගැඹුරු වළක් තැනූ හ.


නිකරුණේ මට වෛර කරන්නන්ගේ ගණන මාගේ ඉසකෙස්වලටත් වඩා වැඩි ය. මුසා දොඩමින් මා වනසන්නට බලන අය බලවත් ය. එබැවින් මා සොරා නොගත් දේ ආපසු දෙන්න ඔව්හු මට බල කරන්නෝ ය.


ගංවතුරක් මෙන් ඒවා දවස පුරා මා වටලා සිටින්නේ ය. හාත්පසින් ඒවා ළං වී මා වසා ගන්නේ ය.


“එප්‍රායිම් බොරුවෙන්‍ ද ඉශ්රායෙල් සෙනඟ වංචාවෙන්‍ ද මා වට කරගෙන සිටිති; විශ්වාසී, ශුද්ධ තැනැන් වහන්සේ වන දෙවියන් වහන්සේට විරුද්ධ ව ජුදා සෙනඟ තවමත් කැරලි ගසමින් සිටිති.


මාගේ ස්වාමියා තමාගේ මෙහෙකරුවා ලුහුබැඳ එන්නේ මක්නිසා ද? මා කෙළේ කුමක් ද? මා කළ අපරාධය කුමක් ද?