නොබිය ව, සුරැකි ව යාමට එතුමාණෝ ඔවුන්ට මඟපෙන්වූ සේක. එහෙත්, මුහුද ඔවුන්ගේ සතුරන් බිලිගත්තේ ය.
ගීතාවලිය 106:11 - Sinhala New Revised Version ජල කඳ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තේ ය; එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය. Sinhala New Revised Version 2018 ජල කඳ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තේ ය; එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය. Sinhala Revised Old Version ජලධාරාවෝ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරු නොවීය. |
නොබිය ව, සුරැකි ව යාමට එතුමාණෝ ඔවුන්ට මඟපෙන්වූ සේක. එහෙත්, මුහුද ඔවුන්ගේ සතුරන් බිලිගත්තේ ය.
මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, “බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය.
පාරාවෝගේ අශ්වයෝ ද ඔහුගේ යුද්ධ රථ හා අසරුවන් සමඟ මුහුදට ඇතුළු වූ හ. සමිඳාණන් වහන්සේ ජලය ආපසු ඔවුන් පිට හැරෙවූ සේක. එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් කළහ.