ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 104:7 - Sinhala New Revised Version

ඔබේ තරවටුවෙන් ජලය පලා ගියේ ය; ඔබේ තර්ජනයෙන් එය යුහුව ගලා ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබේ තරවටුවෙන් ජලය පලා ගියේ ය; ඔබේ තර්ජනයෙන් එය යුහුව ගලා ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔබගේ තරවටුවෙන් ඒවා පලාගියේය; ඔබගේ ගර්ජනා ශබ්දයට ඒවා යුහුව ගියේය.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 104:7
7 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේ නෝවා ද, ඔහු සමඟ නැවේ සිටි සියලු වන මෘගයන් හා ගවමහිෂයන් ද සිහි කර, පොළොව මත සුළඟක් හමන්නට සැලැසූ සේක. ගංවතුර ක්‍රමයෙන් බැස ගියේය.


එතුමාණෝ රතු මුහුදට තරවටු කළ සේක; එය වියළුණේ ය. වැලිකතරක් මැදින් මෙන් මුහුද මැදින් ඔවුන් ගෙන ගිය සේක.


සමිඳුනි, ඔබේ තරවටු කිරීමෙන් ද ඔබේ නාසයේ හුස්මේ වේගයෙන් ද සත් සමුදුර හෙළි පෙහෙළි විය.


ඔබේ හෙණ හඬ අහස් කුසේ ගිගුම් දිනි. විදුලි කෙටීම් ලොව එළි කෙළේ ය. පොළොව කම්පා වී දෙදරා ගියේ ය.


ඉහළ අහසෙහි වලාකුළු පිහිටුවන විට, සත් සමුදුර උල්පත් සවි කරන විට,


උන් වහන්සේ අවදි ව සුළඟට තර්ජනය කොට, “නිශ්ශබ්ද වෙව, නිශ්චල වෙව”යි මුහුදට අණ කළ සේක. සුළඟ නැවතිණි. මහා නිශ්චලයක් විය.