ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 102:3 - Sinhala New Revised Version

මන්ද, මාගේ දවස් දුම් මෙන් පහ වී යයි, මාගේ ඇටකටු ගිනි උදුනක් මෙන් දැවෙයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මන්ද, මාගේ දවස් දුම් මෙන් පහ වී යයි, මාගේ ඇටකටු ගිනි උදුනක් මෙන් දැවෙයි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද මාගේ දවස් දුම් මෙන් ගෙවීයයි, මාගේ ඇට ගිනිපෙනෙල්ලක් මෙන් දැවෙයි.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 102:3
11 හුවමාරු යොමු  

මාගේ හම කළු වී, එහි පොතු ගැලවී වැටෙයි; මාගේ ඇටකටු උණෙන් දැවී යයි.


ඇකිළී ගිය ලබු කැටයක් මෙන් මම නිසල් වීමි. එහෙත්, ඔබේ පණත් අමතක නොකරමි.


මා කෙරෙන් ඔබේ මුහුණ සඟවා නොගත මැනව; උදහසින් ඔබ මෙහෙකරුවා බැහැර නොකළ මැනව. ඔබ මාගේ සරණ වන සේක. මාගේ විමුක්තිදායක දෙවියෙනි, මා පහ නොකළ මැනව; මා අත් නොහළ මැනව.


මාගේ ජීවිතය දුකින් ගත වෙයි; මා කල දවස සුසුම්ලෑමෙන් ගෙවී යයි; මාගේ ශක්තිය කනස්සල්ලෙන් පිරිහෙයි; මාගේ ඇට මිදුළු ක්ෂය වී යයි.


ඔබ මාගේ පර්වතය හා බලකොටුව ය. එබැවින් ඔබේ නාමයේ අනුහසින් මට මඟපෙන්වා මා ගෙන ගිය මැනව.


එහෙත්, දුදනෝ වැනසෙති; හිමි තුමන්ගේ සතුරෝ වන මල් මෙන් මිය යති; දුම මෙන් පහවෙති.


ඔබේ උදහස නිසා මම දහ දුක් විඳිමි; මාගේ පව් නිසා සර්වාංගය රෝගී වී ඇත.


එතුමාණෝ මාගේ ඇටකටු තුළට ඉහළින් ගින්නක් එවූ සේක. එතුමාණෝ මාගේ පාදවලට දැලක් දැමූ සේක. මා පහතට හෙළූ සේක. මා තනිවන්න සලසා, දවස මුළුල්ලේ බෙලහීනයෙකු ද කළ සේක.


එතුමාණෝ මාගේ මාංසයත්, හමත් ජරාවට පමුණුවා මාගේ ඇටකටු පොඩි කළ සේක.


හෙට කුමක් වේ දැ යි ඔබ නොදන්නහු ය. ඔබගේ ජීවිතය කුමක් ද? ඔබ මඳ වේලාවක් පෙනී, පසු ව නොපෙනී යන මීදුමක් වැන්න.