“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය දන්වන්න: ‘නුඹලාගෙන් හෝ නුඹලාගේ දරුපරපුරෙන් හෝ යමෙකු මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වී සිටියත්, ඈත දුර ගමනක යෙදී සිටියත්, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කුව පැවැත්විය යුතු ය.
ගණන් කථාව 9:11 - Sinhala New Revised Version දෙ වන මාසයේ දහහතර වන දින සවස එය පවත්වා නුමුහුන් රොටි හා තිත්ත පලා ද අනුභව කළ යුතු ය. Sinhala New Revised Version 2018 දෙ වන මාසයේ දහහතර වන දින සවස එය පවත්වා නුමුහුන් පූප හා තිත්ත පලා ද අනුභව කළ යුතු ය. Sinhala Revised Old Version දෙවෙනි මස දසසතරවෙනි දින සවස ඔව්හු ඒක පවත්වා මුහුන් නැති රොටි සහ තික්ත පලා සමඟ එය කත්වා. |
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙය දන්වන්න: ‘නුඹලාගෙන් හෝ නුඹලාගේ දරුපරපුරෙන් හෝ යමෙකු මෘත ශරීරයක් ස්පර්ශ කිරීම නිසා අපවිත්‍ර වී සිටියත්, ඈත දුර ගමනක යෙදී සිටියත්, සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පාස්කුව පැවැත්විය යුතු ය.
“මේ මාසයේ දහහතර වන දින සවස ඔවුන් එය නියමිත වේලාවට ඊට සම්බන්ධ සියලු ම නීති නියෝග අනුව සිදු කළ යුතු ය”යි වදාළ සේක.
මේ දේවල් සිදු වූයේ, ‘ඔහුගේ එක ඇටයක් වත් නොබිඳිනු ලැබේ ය’යි ලියා ඇති ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වන පිණිස ය.
ඔබ එය සමඟ මුහුන් මිශ්‍ර රොටි නොකෑ යුතු ය. දින හතක් ම ඔබ දුක්ගැහැට සිහිපත් වන රොටි එනම්, නුමුහුන් රොටි කෑ යුතු ය. මන්ද, ඔබ මිසර දේශයෙන් පිටතට ලහි ලහියේ පැමිණි දින කෑවේ නුමුහුන් රොටි ය. ඔබ මිසර දේශයෙන් පිටතට පැමිණි දින ඔබට දිවි ඇති තාක් සිහිපත් වනු පිණිස එලෙස කළ යුතු ය.