“ඉශ්රායෙල් ජනයා අමතා ඔවුන්ට මෙසේ කියන්න: ‘යම් මිනිසෙකුගේ බිරිඳක පිට වී ගොස්, තම සැමියාට විරුද්ධ ව වැරැද්දක් කරමින්
ගණන් කථාව 5:19 - Sinhala New Revised Version ඉන්පසු ඔහු ඈ දිවුරවමින් ඈට මෙසේ කිව යුතු ය: ‘ඔබේ පුරුෂයා යටතේ ඔබ සිටිය දී, අන් මිනිසෙක් ඔබ සමඟ සයනය කොට, ඔබ දූෂණය වීම සඳහා පිට වී නොගියා නම්, සාපය සලසන මේ තිත්ත වතුරෙන් ඔබට නපුරක් නො වේ වා! Sinhala New Revised Version 2018 ඉන්පසු ඔහු ඈ දිවුරවමින් ඈට මෙසේ කිව යුතු ය: ‘ඔබේ පුරුෂයා යටතේ ඔබ සිටිය දී, අන් මිනිසෙක් ඔබ සමඟ සයනය කොට, ඔබ දූෂණය වීම සඳහා පිට වී නොගියා නම්, සාපය සලසන මේ තිත්ත වතුරෙන් ඔබට නපුරක් නො වේ වා! Sinhala Revised Old Version ඈ දිවුරවමින් ඈට කථාකොට: නුඹේ පුරුෂයා යටතේ සිටිනාතර කිසි පුරුෂයෙකු නුඹ සමඟ සයනය නොකළානම්, නුඹ අපවිත්‍රකමට අහක්ව නොගියානම්, ශාපය උපදවන මේ තික්ත වතුරෙන් නුඹට අන්තරා නොවේවා. |
“ඉශ්රායෙල් ජනයා අමතා ඔවුන්ට මෙසේ කියන්න: ‘යම් මිනිසෙකුගේ බිරිඳක පිට වී ගොස්, තම සැමියාට විරුද්ධ ව වැරැද්දක් කරමින්
එවිට පූජකවරයා ඈ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටුවා, ඇගේ කෙස් කළඹ ලිහා සැක දුරුකිරීමේ පූජාව වන සිහිකිරීමේ පඬුර ඇගේ අත්වල තැබිය යුතු ය. එහෙත්, සාපය සලසන තිත්ත වතුර ඔහු තමාගේ අතේ ම තබාගත යුතු ය.
එහෙත්, ඈ දූෂණය නොවී නිර්දෝෂ ව සිටී නම් ඈට නපුරක් නොවනු ඇත, ඈ ද දරුවන් පිළිසිඳ ගන්නී ය.
එහෙත්, උන් වහන්සේ නිශ්ශබ්ද ව සිටි සේක. එවිට උත්තම පූජකයා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණෝ දැ යි දිවුරා අපට කියන ලෙස ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි”යි උන් වහන්සේට කී ය.
විවාහ වූ ස්ත්‍රිය ස්වාමි පුරුෂයා ජීවත් ව සිටින තුරු නීත්‍යනුකූල ව බැඳී සිටියි. එහෙත් ස්වාමි පුරුෂයා මැරුණොත් ඈ විවාහ බැම්මෙන් නිදහස් ය.