Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 5:19 - Sinhala New Revised Version 2018

19 ඉන්පසු ඔහු ඈ දිවුරවමින් ඈට මෙසේ කිව යුතු ය: ‘ඔබේ පුරුෂයා යටතේ ඔබ සිටිය දී, අන් මිනිසෙක් ඔබ සමඟ සයනය කොට, ඔබ දූෂණය වීම සඳහා පිට වී නොගියා නම්, සාපය සලසන මේ තිත්ත වතුරෙන් ඔබට නපුරක් නො වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඉන්පසු ඔහු ඈ දිවුරවමින් ඈට මෙසේ කිව යුතු ය: ‘ඔබේ පුරුෂයා යටතේ ඔබ සිටිය දී, අන් මිනිසෙක් ඔබ සමඟ සයනය කොට, ඔබ දූෂණය වීම සඳහා පිට වී නොගියා නම්, සාපය සලසන මේ තිත්ත වතුරෙන් ඔබට නපුරක් නො වේ වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ඈ දිවුරවමින් ඈට කථාකොට: නුඹේ පුරුෂයා යටතේ සිටිනාතර කිසි පුරුෂයෙකු නුඹ සමඟ සයනය නොකළානම්, නුඹ අපවිත්‍රකමට අහක්ව නොගියානම්, ශාපය උපදවන මේ තික්ත වතුරෙන් නුඹට අන්තරා නොවේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 5:19
5 හුවමාරු යොමු  

විවාහ වූ ස්ත්‍රිය ස්වාමි පුරුෂයා ජීවත් ව සිටින තුරු නීත්‍යනුකූල ව බැඳී සිටියි. එහෙත් ස්වාමි පුරුෂයා මැරුණොත් ඈ විවාහ බැම්මෙන් නිදහස් ය.


“ඉශ්රායෙල් ජනයා අමතා ඔවුන්ට මෙසේ කියන්න: ‘යම් මිනිසෙකුගේ බිරිඳක පිට වී ගොස්, තම සැමියාට විරුද්ධ ව වැරැද්දක් කරමින්


එහෙත්, උන් වහන්සේ නිශ්ශබ්ද ව සිටි සේක. එවිට උත්තම පූජකයා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණෝ දැ යි දිවුරා අපට කියන ලෙස ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි”යි උන් වහන්සේට කී ය.


එවිට පූජකවරයා ඈ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටුවා, ඇගේ කෙස් කළඹ ලිහා සැක දුරුකිරීමේ පූජාව වන සිහිකිරීමේ පඬුර ඇගේ අත්වල තැබිය යුතු ය. එහෙත්, සාපය සලසන තිත්ත වතුර ඔහු තමාගේ අතේ ම තබාගත යුතු ය.


එහෙත්, ඈ දූෂණය නොවී නිර්දෝෂ ව සිටී නම් ඈට නපුරක් නොවනු ඇත, ඈ ද දරුවන් පිළිසිඳ ගන්නී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්