“ඉශ්රායෙල් ජනයාට උරුම වන කොටසින් ලෙවීවරුන්ට වාසය කිරීම පිණිස නගර දීමට ඔවුන්ට අණ කරන්න. තවද, ඉශ්රායෙල් ජනයා, නගර සිසාරා ඇති තණ බිම් ද ඔවුන්ට දිය යුතු ය.
ඉශ්රායෙල් පුත්‍රයන් විසින් තමුන්ට හිමිවූ උරුමයෙන් ලෙවීවරුන්ගේ වාසය පිණිස නුවරවල් දෙන්ට අණකරන්න; නුවරවලට වටකරින් ඒවාට පිට-බිම් ලෙවීවරුන්ට දෙන්න.
මුළු ඉශ්රායෙල් සභාවට කතා කොට, “ඔබ හැමට මා කියන දේ හොඳ ය කියා පෙනේ නම්, අපේ දෙවි සමිඳාණන් වහන්සේත් ඊට කැමැති වන සේක් නම්, මුළු ඉශ්රායෙල් දේශයෙහි ඉතිරි ව සිටින අපේ සහෝදරයන්ට ද ඔවුන් සමඟ තමන්ගේ ගම් බිම් සහිත නගරවල සිටින පූජකයන්ට ද ලෙවීවරුන්ට ද අප ළඟට රැස්වන්න කියා සෑම දිශාවලට දන්වා යවා,
මන්ද, ජෙරොබෝවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් සමිඳාණන් වහන්සේගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක් කරනු ලැබූ නිසා, තමන්ගේ තණ බිම් ද තමන්ගේ උරුමය ද අත්හැර ජුදාටත්, ජෙරුසලමටත් එන්න ඔවුන්ට සිදු වූ බැවිනි.
තවද, තමන්ගේ නගරබද තණ බිම්වල විසූ පූජකයන් වූ ආරොන්ගේ පුත්‍රයන් උදෙසාත්, පූජකයන්ගේ සියලු පිරිමින්ට හා ලියාපදිංචි වූ සියලු ලෙවීවරුන්ට කොටස් දෙන පිණිස, නම් වශයෙන් පත් කොට ඇති මනුෂ්‍යයෝ සියලු නගරවල සිටියෝ ය.
ලෙවීවරුන්ට හිමි කොටස් ඔවුන්ට නොදී තිබුණු බව ද කටයුතු බාර ව සිටි ලෙවීවරුන් ද ගීතිකාකාරයන් ද තම තමන්ගේ කෙත්වලට පලා ගිය බව ද මට දැනගන්නට ලැබිණි.
එසේ අධිපතියාට අයිති කොටසේ මැද තිබෙන ලෙවීවරුන්ගේ කොටසේ සිට ද නුවර කොටසේ සිට ද ජුදා වංශයේ සීමාවටත්, බෙන්ජමින් වංශයේ සීමාවටත් අතරේ තිබෙන කොටස් අධිපතියාට වන්නේ ය.
“ජුදා දේශ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා නුඹලා වෙන් කළ යුතු විශේෂ කොටස වන්නේ ය. එහි පළල කිලෝමීටර් දොළහමාරක් ද එහි දිග ගෝත්‍රයකට හිමි කොටසට සමාන වූ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ද වන්නේ ය. ශුද්ධස්ථානය එහි මැද වන්නේ ය.
තවද, සමිඳාණන් වහන්සේ ජොර්දාන් ගං තෙර, ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතේ දී මෝසෙස්ට මෙසේ වදාළ සේක:
ඒ නගර ඔවුන්ගේ වාසය පිණිසත්, තණ බිම් ගවමහිෂයන් ඇතුළු මුළු ගොවිසම්පත සඳහාත් විය යුතු ය.
“මුළු ඉශ්රායෙල් ජනතාව වසන නගරවලින්, යම් ලෙවීවරයෙකු, තමා පදිංචි ව සිටි ස්ථානයෙන් නික්ම, ඉතා දැඩි ආශාවකින් සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානයට පැමිණියොත්,