Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 ලේකම් 11:14 - Sinhala New Revised Version

14 මන්ද, ජෙරොබෝවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් සමිඳාණන් වහන්සේගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක් කරනු ලැබූ නිසා, තමන්ගේ තණ බිම් ද තමන්ගේ උරුමය ද අත්හැර ජුදාටත්, ජෙරුසලමටත් එන්න ඔවුන්ට සිදු වූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මන්ද, ජෙරොබෝවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් සමිඳාණන් වහන්සේගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක් කරනු ලැබූ නිසා, තමන්ගේ තණ බිම් ද තමන්ගේ උරුමය ද අත්හැර ජුදාටත්, ජෙරුසලමටත් එන්න ඔවුන්ට සිදු වූ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 මක්නිසාද යෙරොබොවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක්කළ නිසා, ඔව්හු තමුන්ගේ පිට-බිම්ද තමුන්ගේ උරුමයද අත්හැර යූදාටත් යෙරුසලමටත් ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 11:14
10 හුවමාරු යොමු  

මේ සිද්ධියට පසු ව වුව ද, ජෙරොබෝවම් තමාගේ නපුරු මාර්ගයෙන් නොහැරී, නැවතත් සියලු මිනිසුන්ගෙන් ගිරිකුළු දේවාලවලට පූජකයන් පත් කෙළේ ය. කැමැති වූ කොයි අය නමුත්, ගිරිකුළු දේවාලවල පූජකයන් වීමට ඔහු කැප කෙළේ ය.


සියලු ඉශ්රායෙල්වරුන් අතරෙහි සිටි පූජකවරු ද ලෙවීවරු ද තමන්ගේ සියලු පළාත්වලින් ඔහු වෙත ආවෝ ය.


ඔබ හැම ආරොන්ගේ පුත්‍රයන් වන සමිඳාණන් වහන්සේගේ පූජකයන් ද ලෙවීවරුන් ද එළවා දමා වෙන දේශවල ජාතීන් මෙන් පූජකයන් නියම කරගත්තෝ නොවන්නහු ද? මෙසේ කැප වන පිණිස ගොනෙකුත්, බැටළුවන් සත්දෙනෙකුත් රැගෙන එන කවුරු නමුත්, නමින් දෙවිවරුන් වූ අයට පූජකයෙක් වන්නේ ය.


ඉශ්රායෙල් ජනයාගේ උරුම කොටසින් නගර දෙන විට, වැඩියෙන් ඇති අයට වැඩියෙන් ද, අඩුවෙන් ඇති අයට අඩුවෙන් ද දිය යුතු ය. සෑම කෙනෙකු ම තම තමාට උරුම වන කොටසේ ප්‍රමාණය අනුව ලෙවීවරුන්ට නගර දිය යුතු වේ.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්