දාවිත් රජකමට පත් කිරීමට එන පිණිස මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් නම් සඳහන් කරනු ලැබූ දහඅටදාහක් ය.
ගණන් කථාව 32:33 - Sinhala New Revised Version මෙලෙස මෝසෙස් ගාද්ගේ පරපුරටත්, රූබන්ගේ පරපුරටත්; ජෝසෙප්ගේ පුත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත්, අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ රාජ්‍යය ද බාෂාන්හි රජ වූ ඕග්ගේ රාජ්‍යය ද යන රටවල් සහ එහි දේශ සීමාවලින් ඇතුළු නගර සහ ඒවායින් පිට නගර ද දුන්නේ ය. Sinhala New Revised Version 2018 මෙලෙස මෝසෙස් ගාද්ගේ පරපුරටත්, රූබන්ගේ පරපුරටත්; ජෝසෙප්ගේ පුත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත්, අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ රාජ්‍යය ද බාෂාන්හි රජ වූ ඕග්ගේ රාජ්‍යය ද යන රටවල් සහ එහි දේශ සීමාවලින් ඇතුළු නගර සහ ඒවායින් පිට නගර ද දුන්නේ ය. Sinhala Revised Old Version මෝසෙස් ඔවුන්ට එනම් ගාද් පුත්‍රයන්ටත් රූබෙන් පුත්‍රයන්ටත් යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ රාජ්‍යයද බාෂාන්හි රජවූ ඕග්ගේ රාජ්‍යයද යන දේශය සහ එහි සීමාවල නුවරවල් වන දේශයෙහි වටකර තිබුණු නුවරවල්ද දුන්නේය. |
දාවිත් රජකමට පත් කිරීමට එන පිණිස මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් නම් සඳහන් කරනු ලැබූ දහඅටදාහක් ය.
බලවන්තයන් ව පිය වංශවල ප්‍රධානියන් ව සිටි ඔහුගේ සහෝදරයෝ දෙදාස් සත්සියයක් වූ හ. දාවිත් රජ දෙවියන් වහන්සේ හා රජු සම්බන්ධ සියල්ල ගැන රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද කෙරෙහි මුලාදෑනීන් කොට ඔවුන් පත් කෙළේ ය.
රූබන්වරුන්ගෙන් ද ගාද්වරුන්ගෙන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද පලිහත්, කඩුවත් පාවිච්චි කරන දුන්නෙන් විදින යුද්ධයට දක්ෂ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හතළිස්හාරදාස් හත්සිය හැටක් වූවෝ ය. ඔව්හු යුද්ධයට යන්න පුළුවන් අය වෙත්.
රූබන්ගේ පෙළපතේ අයට සහ ගාද්ගේ පෙළපතේ අයට ගවයෝ ඉතා විශාල ගණනක් සිටියහ. ජාශර් දේශය සහ ගිලියද් දේශය ගවයන්ට කෙතරම් සුදුසු ද කියා දුටු විට
ජොර්දාන් ගඟින් මෙගොඩ උරුමය අපට අයිති වන පිණිස සමිඳාණන් වහන්සේගේ අණ පරිදි අපි සන්නාහ සන්නද්ධ ව කානාන් දේශයට යන්නෙමු”යි කී හ.
පිය පෙළපත් අනුව රූබන්ගේ පරපුරට අයිති අය සහ ගාද්ගේ පරපුරට අයිති අය ඔවුන්ගේ උරුම කොටස ලබාගෙන ඇත. එලෙස ම මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ද ඔවුන්ගේ උරුම ලැබී තිබේ.
ඉහත කී ගෝත්‍ර දෙකට සහ අර්ධ ගෝත්‍රයට හිරු නඟින පෙරදිග පිහිටි ජෙරිකෝව අසල ජොර්දාන් ගඟෙන් මෙගොඩ ඔවුන්ගේ උරුම කොටස ලැබී තිබේ.”
අපි ඔවුන්ගේ රට අල්ලාගෙන රූබන්ගේ පෙළපතටත්, ගාද්ගේ පෙළපතටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් ඒ රට උරුම කොට දුනිමු.
නැගෙනහිරට ජොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වා ද මුළු නැගෙනහිර අරබා සමභූමියට ද ඉශ්රායෙල් සෙනඟ පහර දී හිමි කරගත්තෝ ය. ඒ දේශයේ රජවරු මොවුහු ය.
සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ඒ රට රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුම කොට දුන්නේ ය.
ගෝත්‍ර දෙකටත් අර්ධ ගෝත්‍රයටත් මෝසෙස් ජොර්දානෙන් එගොඩ ඔවුන්ගේ උරුමය දී තිබිණි. එහෙත්, ලෙවීවරුන්ට ඔවුන් අතරේ උරුමයක් නොදුන්නේ ය.
දැන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සහෝදරයන්ට වදාළ ප්‍රකාරයට විවේක සුවය දී ඇත. දැන් ඉතින් ඔබ හැරී සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් ජොර්දානෙන් එගොඩ ඔබට දෙන ලද උරුම දේශයෙහි ඔබේ නිවාසවලට යන්න.
මනස්සේගේ ගෝත්‍රයෙන් අර්ධයකට මෝසෙස් බාෂාන්හි ප්‍රදේශයක් දී තිබුණේ ය. අනික් අර්ධයට ඔවුන්ගේ සහෝදරයන් අතරෙහි බස්නාහිරට ජොර්දාන් ගඟෙන් මෙගොඩ ප්‍රදේශයක් ජෝෂුවා දුන්නේ ය. තවද, ජෝෂුවා ඔවුන්ගේ, නිවාසවලට ඔවුන් යවන කල ඔවුන්ට ආශීර්වාද කරමින්,
සමහරෙක් ගාද් දේශයටත්, ගිලියද් දේශයටත් ජොර්දානින් එගොඩ වී ගියෝ ය. එහෙත්, සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේ ය. සෙනඟ සියලු දෙන වෙවුලමින් ඔහු පසුපස ගියෝ ය.