Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 32:33 - Sinhala Revised Old Version

33 මෝසෙස් ඔවුන්ට එනම් ගාද් පුත්‍රයන්ටත් රූබෙන් පුත්‍රයන්ටත් යෝසෙප්ගේ පුත්‍රවූ මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ රාජ්‍යයද බාෂාන්හි රජවූ ඕග්ගේ රාජ්‍යයද යන දේශය සහ එහි සීමාවල නුවරවල් වන දේශයෙහි වටකර තිබුණු නුවරවල්ද දුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 මෙලෙස මෝසෙස් ගාද්ගේ පරපුරටත්, රූබන්ගේ පරපුරටත්; ජෝසෙප්ගේ පුත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත්, අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ රාජ්‍යය ද බාෂාන්හි රජ වූ ඕග්ගේ රාජ්‍යය ද යන රටවල් සහ එහි දේශ සීමාවලින් ඇතුළු නගර සහ ඒවායින් පිට නගර ද දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 මෙලෙස මෝසෙස් ගාද්ගේ පරපුරටත්, රූබන්ගේ පරපුරටත්; ජෝසෙප්ගේ පුත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත්, අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ රාජ්‍යය ද බාෂාන්හි රජ වූ ඕග්ගේ රාජ්‍යය ද යන රටවල් සහ එහි දේශ සීමාවලින් ඇතුළු නගර සහ ඒවායින් පිට නගර ද දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 32:33
21 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝද ඔවුන්ට පහර දුන්නෝය. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ඒ රට රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුමයක් කොට දුන්නේය.


දැන් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාගේ සහෝදරයන්ට කී ප්‍රකාරයට ඔවුන්ට විශ්‍රාම දුන්සේක. නුඹලා ඉතින් හැරී ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් යොර්දානෙන් එගොඩ නුඹලාට දුන් උරුම දේශයෙහි නුඹලාගේ කූඩාරම්වලට යන්න.


ඔවුන්ගේ දේශය අල්ලාගෙන, රූබෙන්වරුන්ටද ගාද්වරුන්ටද මනස්සේගේ අන්ධගෝත්‍රයටද එය උරුමයක් කොට දුනිමුව.


බලවන්තයෝව පිය වංශවල ප්‍රධානියෝව සිටි ඔහුගේ සහෝදරයෝ දෙදාස් හත්සියයක් වූහ; දාවිත් රජ ඔවුන් දෙවියන්වහන්සේගෙත් රජුගෙත් සියලු කාරණා ගැන රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කෙරෙහි මුලාදෑනීන් කොට පත්කෙළේය.


දාවිත් රජකමට පත්කිරීමට එන පිණිස මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් නම් සඳහන් කරනු ලැබූ දහ අටදාහක්ය.


රූබෙන් පුත්‍රයන්ගෙන්ද ගාද්වරුන්ගෙන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද පලිහත් කඩුවත් පාවිච්චිකරන්නාවූ, දුන්නෙන් විදින්නාවූ, යුද්ධයට දක්ෂවූ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හතළිස් හාරදාස් හත්සිය හැටක් වූවෝය; ඔව්හු යුද්ධයට යන්ට පුළුවන් අයය.


මක්නිසාද තමුන්ගේ පිය පෙළපත් ලෙස රූබෙන් පුත්‍රයන්ගේ ගෝත්‍රයටද ගාද් පුත්‍රයන්ගේ ගෝත්‍රයටද මනස්සේගේ අර්ධ ගෝත්‍රයටද තමුන්ගේ උරුමය ලැබීතිබේ.


රූබෙන් පුත්‍රයන්ටද ගාද් පුත්‍රයන්ටද ගවයෝ ඉතා මහත් සමූහයක් වූහ. ඔව්හු යාසේර් දේශයද ගිලියද් දේශයද සිව්පාවුන්ට සුදුසු ස්ථානයක් බව දුටුවෝය.


අපි සන්නද්ධව ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කානාන් දේශයට එතරව යන්නෙමුව, අපේ උරුම කොටස යොර්දානෙන් මෙගොඩ අපට වේවයි කීවෝය.


නැගෙනහිරට යොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වාද මුළු නැගෙනහිර අරබා සමභූමියටද ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් පහරදී හිමිකරගත්තාවූ ඒ දේශයේ රජවරු මොව්හුය.


මක්නිසාද ගෝත්‍ර දෙකටත් අර්ධ ගෝත්‍රයටත් මෝසෙස් යොර්දානෙන් එගොඩ ඔවුන්ගේ උරුම දුන්නේය. නුමුත් ලෙවීවරුන්ට ඔහු ඔවුන් අතරේ උරුමයක් නුදුන්නේය.


මනස්සේගේ ගෝත්‍රයෙන් අර්ධයකට මෝසෙස් බාෂාන්හි උරුමයක් දී තිබුණේය. අනික් අර්ධයට යෝෂුවා ඔවුන්ගේ සහෝදරයන් අතරෙහි බස්නාහිරට යොර්දාන් මෙගොඩ උරුමයක් දුන්නේය. තවද යෝෂුවා ඔවුන්ගේ කූඩාරම්වලට ඔවුන් හරින කල ඔවුන්ට ආශීර්වාදකරමින්:


සමහර හෙබ්‍රෙව්වරු ගාද් දේශයටත් ගිලියද් දේශයටත් යොර්දානෙන් එගොඩව ගියෝය; නුමුත් සාවුල් ඒ වන තුරු ගිල්ගාල්හි සිටියේය, මුළු සෙනඟ වෙවුලමින් ඔහු පස්සේ ගියෝය.


එසේ ඒ ගෝත්‍ර දෙකටද අර්ධ ගෝත්‍රයටද යොර්දානෙන් මෙගොඩ යෙරිකෝව ළඟ නැගෙනහිර දිශාවෙහි තමුන්ගේ උරුමය ලැබීතිබේයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්