“තවද, ඔබ රාජ්‍යයන් ද ජනයන් ද ඔවුන්ට දී, ඔවුන් පළාත්වලට බෙදා නියම කළ සේක. මෙසේ ඔව්හු සීහොන්ගේ දේශයත් එනම්, හෙෂ්බොන්හි රජුගේ දේශයත්, බාෂාන්හි රජ වූ ඕග්ගේ දේශයත් හිමි කරගත්තෝ ය.
ගණන් කථාව 32:3 - Sinhala New Revised Version “අටාරොත්, දීබොන්, ජාශර්, නිම්රා, හෙෂ්බොන්, එලෙයාලේ, සෙබාම්, නෙබො සහ බියොන් යන නගර පිහිටා ඇති, Sinhala New Revised Version 2018 “අටාරොත්, දීබොන්, ජාශර්, නිම්රා, හෙෂ්බොන්, එලෙයාලේ, සෙබාම්, නෙබො සහ බියොන් යන නගර පිහිටා ඇති, Sinhala Revised Old Version ඉශ්‍රායෙල් සභාව ඉදිරිපිට ස්වාමීන්වහන්සේ පහර දුන් දේශය වන, |
“තවද, ඔබ රාජ්‍යයන් ද ජනයන් ද ඔවුන්ට දී, ඔවුන් පළාත්වලට බෙදා නියම කළ සේක. මෙසේ ඔව්හු සීහොන්ගේ දේශයත් එනම්, හෙෂ්බොන්හි රජුගේ දේශයත්, බාෂාන්හි රජ වූ ඕග්ගේ දේශයත් හිමි කරගත්තෝ ය.
නිම්රිම්හි ඔය සිඳී ගොස් පාළුකරයක් වී ඇත. ඒ අසල තණ මැලවී ගොස් ඇත. අමු කොළයක් දකින්න වත් නැත.
ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෝවබ් ගැන වදාළ දේ මෙසේ ය: “අහෝ, නෙබෝ‍් වැසියන්ට වන විපතක මහත! මන්ද, එය පාළු වී ඇත. කිරියාතයිම් ලජ්ජාවට පත් වී ඇත. සතුරා එය අල්ලාගෙන ඇත. එහි බලකොටු නින්දිත ලෙස බිඳදමා ඇත. මිස්ගාබ් ලජ්ජාවටත්, කැළඹීමටත් පැමිණියේ ය.
මෝවබ්හි කීර්තිය පහ වී ගොස් ඇත. ‘අපි මෝවබ් ජාතිය නැත්තට ම විනාශ කරමු’යි කියමින් හෙෂ්බොන්හි දී සතුරෝ කුමන්ත්‍රණ කරති. මද්මේන් නගරය නිහඬ වන්නේ ය. සතුරු සේනා ඊට පහර දෙන්නෝ ය.
ජාසෙර්හි සෙනඟ ගැන වැලපෙනවාට වඩා මිදි වැලක් වැනි සිබ්මාහි සෙනඟ ගැන වැලපෙන්නෙමි. එහි අතු මළ මුහුදෙන් එපිට විහිදී ජාසෙර් දක්වා පැතිර ගොස් ඇත. එහෙත්, දැන් එහි ග්‍රීෂ්ම කාලයේ පල හා මුද්‍රික වලු පිට විනාශය පැමිණ ඇත.
“හෙෂ්බොන්හි හා එලෙයාලේහි සෙනඟ මොරගසති. ඔවුන්ගේ මොරහඬ ජහශ් දක්වා ඇසේ; ශෝවර්හි ජනයාට එය ඇසේ. හොරොනායිම් හා එග්ලත්-ෂෙලීෂිය ද දක්වාත් ඇසේ. නිම්රිම්හි ජලය පවා හිඳී ගොස් ඇත.
පලා ගිය අය ආරක්ෂාව සොයා හෙෂ්බොන්හි නතර වී දුබල ව සිටිති. මන්ද, හෙෂ්බොන් සිට ගින්නක් නැඟී ඇත. සිහොන් මාලිගාවෙන් ගිනි දලුවක් පිට වී ඇත. එයින් මෝවබ් රටේ හා ඝෝෂාකාරී පුත්‍රයන්ගේ පළාතේ දේශ සීමා දවාලනු ඇත.
මෙන්න, මම මෝවබ් දේශයේ සීමාව ආරක්ෂා කරන සියලු නගරවලට පහර ලැබීමට ඉඩහරින්නෙමි. දේශයේ ඇති අලංකාරවත් නගර වන බෙත්-ජෙෂිමොත් ද බාල්-මොයොන් ද කිරියාතයිම් ද වනසාදමමි.
හෙෂ්බොනින් නික්ම ගිය ගින්න, සීහොන් නුවරින් නික්ම ගිය ගිනි දලුව, මෝවබ්හි ආර් ද අර්ණොන් ගිරිකුළු නායකයන් ද දවාදැමී ය.
හෙෂ්බොන් සිට දීබොන් දක්වා, නාෂිම් සිට මෙදිබා අසල නෝපා දක්වා, ඔවුන්ගේ පෙළපත වැනසී ඇත.”
මෝසෙස් ජාශර් නුවරට ඔත්තු බැලීමට දූතයන් යවා, ඊට යාබද නගර අල්ලා ගෙන ඒවායේ විසූ අමෝරිවරුන් පන්නා දැමී ය.
රූබන්ගේ පෙළපතේ අයට සහ ගාද්ගේ පෙළපතේ අයට ගවයෝ ඉතා විශාල ගණනක් සිටියහ. ජාශර් දේශය සහ ගිලියද් දේශය ගවයන්ට කෙතරම් සුදුසු ද කියා දුටු විට
හෙෂ්බොන් හා ඊට අයිති තැනිතලාවේ තිබෙන සියලු නගර වන දීබොන් ද බමොත්-බාල් ද බෙත්-බාල්මෙයොන් ද
ඉශ්රායෙල්වරුන් වනාහි හෙෂ්බොන් හා ඊට අයිති නගරවල ද අරෝයෙර් හා ඊට අයිති නගරවල ද අර්ණොන් අසබඩ තිබෙන සියලු නගරවල ද අවුරුදු තුන්සියයක් වාසය කරද්දී ඔබ ඒ කාලය අතරතුරේ දී ඒවා ගළවා නොගත්තේ මන් ද?