Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 32:3 - Sinhala Revised Old Version

3 ඉශ්‍රායෙල් සභාව ඉදිරිපිට ස්වාමීන්වහන්සේ පහර දුන් දේශය වන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 “අටාරොත්, දීබොන්, ජාශර්, නිම්රා, හෙෂ්බොන්, එලෙයාලේ, සෙබාම්, නෙබො සහ බියොන් යන නගර පිහිටා ඇති,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 “අටාරොත්, දීබොන්, ජාශර්, නිම්රා, හෙෂ්බොන්, එලෙයාලේ, සෙබාම්, නෙබො සහ බියොන් යන නගර පිහිටා ඇති,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 32:3
22 හුවමාරු යොමු  

හෙෂ්බොන්හි කෑගැසීමට එලෙයාලේද යහශ්ද දක්වාත්, ශෝවර් සිට හොරොනායිම්ද එග්ලත්-ෂෙලීෂියද දක්වාත්, ඔව්හු තමුන්ගේ හඬ පැවැත්වුවෝය. මක්නිසාද නිම්රීම්හි ජල පවා සිඳීයන්නේය.


හෙෂ්බොන් සහ ඊට අයිතිවූ තලාවේ තිබෙන සියලු නුවරවල් වන දීබොන්ද බාමොත්-බාල්ද බෙත්-බාල්-මෙයොන්ද,


පලාගිය අය හෙෂ්බොන්හි සෙවණෙහි බලය නැතුව සිටිති. මක්නිසාද හෙෂ්බොන්හි සිට ගින්නක් ද සීහොන් ඇතුළෙන් ගිනිදළුවක්ද නික්ම ඇවිත්, මෝවබ් පළාත සහ ඝෝෂාකාර පුත්‍රයන්ගේ හිස්මුදුන්ද දවාදැමුවේය.


අහෝ සිබ්මාහි මිදිවැල, යාසේර්හි ඇඬීමට වඩා නුඹ ගැන අඬන්නෙමි. නුඹේ අතු මුහුදෙන් එපිටට ගියේය, ඒවා යාසේර් මුහුද දක්වාම පැතිර ගියේය. නුඹේ ඵල නෙළාගැනීමේදීත් නුඹේ මුද්‍රික වලු කපාගැනීමේදීත් නාස්තිකරන්නා පැමුණුණේය.


හෙෂ්බොන් ගැන මෝවබ් තවත් පාරට්ටු නොකරන්නේය; එන්න, ජාතියක්ව නොසිටින ලෙස ඇය සිඳදමමුයයි ඔව්හු ඈට විරුද්ධව නපුර යෝජනාකළෝය. එම්බා මද්මේන්, නුඹත් නාස්තිවන්නෙහිය; කඩුව නුඹ පසුපස්සේ එන්නේය.


තවද නිම්රිම්හි ජලවල් සිඳී පාළුවන්නේය. එසේය, තෘණ මැළවී අමු තෘණ නැතිවී තිබේ, අමුවූ කිසිවක්ද නොතිබේ.


තවද ඔබ රාජ්‍යයන්ද ජනයන්ද ඔවුන්ටදී, ඔවුන් පළාත්වලට බෙදා නියමකළසේක. මෙසේ ඔව්හු සීහොන්ගේ දේශය එනම් හෙෂ්බොන්හි රජුගේ දේශයත් බාෂාන්හි රජවූ ඕග්ගේ දේශයත් හිමිකරගත්තෝය.


ඉශ්‍රායෙල් වනාහි හෙෂ්බොන් හා ඊට අයිති නුවරවලද අරොයෙර් හා ඊට අයිති නුවරවලද අර්ණොන් අසබඩ තිබෙන සියලු නුවරවලද අවුරුදු තුන්සියයක් වාසයකරද්දී නුඹලා ඒ කාලය අතරතුරේ ඒවා ගළවා නොගත්තේ මක්නිසාද?


කිරියාතයිම්ද සිබ්මාද මිටියාවතේ කන්දෙහි තිබෙන ශෙරෙත්-ෂහර්ද,


රූබෙන් පුත්‍රයන්ටද ගාද් පුත්‍රයන්ටද ගවයෝ ඉතා මහත් සමූහයක් වූහ. ඔව්හු යාසේර් දේශයද ගිලියද් දේශයද සිව්පාවුන්ට සුදුසු ස්ථානයක් බව දුටුවෝය.


මක්නිසාද හෙෂ්බොන් සිට ගින්නක්ද සීහොන් නුවරින් ගිනිදැලක්ද නික්මගියේය. එය මෝවබ්හි ආර්ද අර්ණොන් උස්තැන්වල ස්වාමිවරුන්ද දවා දැමීය.


අපි ඔවුන්ට විද්දෙමුව; හෙෂ්බොන් දීබොන් දක්වාම නාස්තිවිය, නොඵා දක්වා පාළු කෙළෙමුව, මෙදීබා දක්වා ගිනි ඇවුළුණේයයි කියති.


මෝසෙස් යාසේර් රට සෝදිසිකරන පිණිස හැරියේය, ඔව්හු එහි නියම්ගම් අල්ලාගෙන එහි සිටි අමෝරිවරුන් පන්නාදැමූහ.


එවිට ගාද් පුත්‍රයෝද රූබෙන් පුත්‍රයෝද ඇවිත් මෝසෙස්ටත් පූජකවූ එලෙයාසර්ටත් සභාවේ අධිපතීන්ටත් කථාකොට:


මෝවබ් ගැනය. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහෝ නෙබෝට දුක්වේ! මක්නිසාද එය පාළුවිය; කිරියාතයිම් ලජ්ජාවට පත්විය, එය අසුවිය. මිස්ගාබ් ලජ්ජාවටත් කැලඹීමටත් පැමුණුණේය.


මෙන්න, මම මෝවබ්ගේ පැත්ත ඔහුගේ සියලු නුවරවල සිට, එනම් දේශයේ අලංකාරකම වන බෙත්-යෙෂිමොත්ද බාල්-මෙයොන්ද පටන් කිරියාතයිම් දක්වා,


මහනයිම් සහ එහි පිට-බිම්ද, හෙෂ්බොන් සහ එහි පිට-බිම්ද යාශෙර් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්