එවිට ජාකොබ් තම පවුලේ වැසියන් හා තමා සමඟ සිටි සියල්ලන් අමතා, “ඔබ ළඟ ඇති විදේශීය දේවතා රූප ඉවත් කොට, පවිත්‍ර වීමේ වත්පිළිවෙත් කර, ඔබේ ඇඳුම් මාරු කරගන්න.
ගණන් කථාව 31:20 - Sinhala New Revised Version ඔබ හැමගේ වස්ත්‍ර ද සමින් සහ එළු ලොමින් සහ ලීයෙන් සාදන ලද සියල්ල ද පවිත්‍ර කළ යුතු ය”යි කීවේ ය. Sinhala New Revised Version 2018 ඔබ හැමගේ වස්ත්‍ර ද සමින් සහ එළු ලොමින් සහ ලීයෙන් සාදන ලද සියල්ල ද පවිත්‍ර කළ යුතු ය”යි කීවේ ය. Sinhala Revised Old Version සියලු වස්ත්‍රද සියලු හම් බඩුද එළු ලොම්වලින් සෑදූ සියලු දේද සියලු ලී බඩුද නුඹලාම පවිත්‍රකරන්නැයි කීවේය. |
එවිට ජාකොබ් තම පවුලේ වැසියන් හා තමා සමඟ සිටි සියල්ලන් අමතා, “ඔබ ළඟ ඇති විදේශීය දේවතා රූප ඉවත් කොට, පවිත්‍ර වීමේ වත්පිළිවෙත් කර, ඔබේ ඇඳුම් මාරු කරගන්න.
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “සෙනඟ වෙත ගොස් අදත්, හෙටත් නමස්කාරය පිණිස ඔවුන් සූදානම් කරන්න. ඔවුන් තම වස්ත්‍ර සෝදා,
අපවිත්‍ර යමෙක් යමක් ස්පර්ශ කරයි ද, ඒ දේ අපවිත්‍ර වනු ඇත. ඒ දේ ස්පර්ශ කරන තැනැත්තා ද සවස දක්වා අපවිත්‍ර යයි සැලකිය යුතු ය.’ “
තවද, යමෙකු මැරූ අය ද මැරුම්කෑ කෙනෙකු ස්පර්ශ කළ අය ද හත් දිනක් කඳවුරෙන් බැහැර සිටිය යුතු ය. තුන් වන දින සහ සත් වන දින ඔබ ද සිරකරුවන් ද පවිත්‍ර විය යුතු ය.
පූජක එලෙයාසර් ද යුද්ධ කළ මිනිසුන් අමතමින්, “සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ නියෝගය මෙය වේ.