Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 31:20 - Sinhala Revised Old Version

20 සියලු වස්ත්‍රද සියලු හම් බඩුද එළු ලොම්වලින් සෑදූ සියලු දේද සියලු ලී බඩුද නුඹලාම පවිත්‍රකරන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඔබ හැමගේ වස්ත්‍ර ද සමින් සහ එළු ලොමින් සහ ලීයෙන් සාදන ලද සියල්ල ද පවිත්‍ර කළ යුතු ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඔබ හැමගේ වස්ත්‍ර ද සමින් සහ එළු ලොමින් සහ ලීයෙන් සාදන ලද සියල්ල ද පවිත්‍ර කළ යුතු ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 31:20
6 හුවමාරු යොමු  

අපවිත්‍ර අය ස්පර්ශවන සියල්ල අපවිත්‍රවන්නේය; එහි ස්පර්ශවන තැනැත්තේද සවස් වනතෙක් අපවිත්‍රවන්නේයයි කීසේක.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සෙනඟ ළඟට ගොස් අදත් හෙටත් ඔවුන් පවිත්‍රකරව, ඔව්හු තමුන්ගේ ඇඳුම් අපුල්ලා තුන්වෙනි දවසට සෑදී සිටිත්වා.


එවිට යාකොබ් තමාගේ පවුලටත් තමා සමඟ සිටි සියල්ලන්ටත් කථාකොට: නුඹලා අතරෙහි ඇත්තාවූ අන් දෙවිවරුන් පහකර දමා, පවිත්‍රවී, නුඹලාගේ වස්ත්‍ර මාරුකරන්න.


නුඹලාද සත් දවසක් කඳවුරෙන් පිට සිටින්න. යමෙකු මැරූ සියල්ලෝද මැරුම් කෑ කිසිවෙකුට ස්පර්ශවූ සියල්ලෝද නුඹලා නුමුත් නුඹලා විසින් අල්වාගනු ලැබුවෝ නුමුත් තුන්වෙනි දවසේදීත් සත්වෙනි දවසේදීත් දෝෂ පහකරගන්න.


පූජකවූ එලෙයාසර්ද සටනට ගිය යුද්ධකාරයන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ව්‍යවස්ථාවේ පනත මේය–


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්