ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 31:13 - Sinhala New Revised Version

එවිට මෝසෙස්, පූජක එලෙයාසර් සහ ජනතාවගේ නායකයෝ සියලු දෙන ඔවුන් හමු වීමට කඳවුරෙන් පිටත ගියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට මෝසෙස්, පූජක එලෙයාසර් සහ ජනතාවගේ නායකයෝ සියලු දෙන ඔවුන් හමු වීමට කඳවුරෙන් පිටත ගියහ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද සභාවේ සියලු අධිපතිහුද ඔවුන් සම්බවෙන්ට කඳවුරෙන් පිටතට ගියෝය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 31:13
9 හුවමාරු යොමු  

සොදොම්හි රජ තෙමේ ආබ්‍රම් කෙදොර්-ලායොමෙර් හා මොහුගේ මිත්‍රපාක්ෂික රජවරුන් ද පරාජය කර ආපසු පැමිණි විට, ‘රාජකීය දෙණිය’ නම් වූ ෂාවේ මිටියාවතට ඔහු හමුවීම පිණිස ගියේය.


“අධිපතියෙකු අදහස් නොකර පව් කරමින්, තම දෙවි සමිඳාණන් වහන්සේගේ පණත්වලින් තහනම් කළ දෙයක් කර, වැරදිකරුවෙකු වී,


“ ‘යමෙකුගේ මෘත ශරීරය ස්පර්ශ කරන තැනැත්තා සත් දිනක් අපවිත්‍ර ව සිටියි.


ඉන්පසු ඔව්හු ජොර්දාන් ගං තෙර ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතේ කඳවුරේ සිටි මෝසෙස් ද පූජක එලෙයාසර් සහ මුළු ඉශ්රායෙල් ජනතාව ද වෙත සිරකරුවන් හා පැහැරගත් කොල්ලය ද ගෙනාහ.


එහෙත්, මෝසෙස් සටනින් ආපසු පැමිණි හමුදාවේ නිලධාරීන්, සහශ්‍රාධිපතීන් සහ ශතාධිපතීන් සමඟ කිපිණි.


“බෝවෙන සෑම චර්ම රෝගයක් ඇති සෑම කෙනෙකු ම, ධාතු මෝචනය ඇති සෑම කෙනෙකු ම, මෘත ශරීරයක් නිසා කෙලෙසුණ සෑම කෙනෙකු ම කඳවුරින් පිටතට දැමිය යුතු ය කියා ඉශ්රායෙල් ජනයාට අණ කරන්න.


සාමුවෙල් සාවුල් හමු වන පිණිස පසු දින උදේ ම නැඟිට ගියේ ය. “සාවුල් කර්මෙල් කන්දට පැමිණ එහි තමාගේ නමින් ජයස්ථම්භයක් පිහිටුවා එතැනින් පිටත් වී ගිල්ගාල් බලා නික්ම ගියේ ය”යි සාමුවෙල්ට දන්වන ලද්දේ ය.


දාවිත් සමඟ යන්නට බැරි තරම් වෙහෙස වී සිටි, බෙසොර් ඔය ළඟ නතර කරන ලද මිනිසුන් දෙසියය ළඟට දාවිත් පැමිණි විට, ඔව්හු දාවිත් සහ ඔහු සමඟ සිටි සෙනඟගේ පෙරමඟට පැමිණියහ. දාවිත් සෙනඟ ළඟට ආ කල ඔව්හු ආචාර කළහ.