Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 31:13 - Sinhala Revised Old Version

13 මෝසෙස්ද පූජකවූ එලෙයාසර්ද සභාවේ සියලු අධිපතිහුද ඔවුන් සම්බවෙන්ට කඳවුරෙන් පිටතට ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 එවිට මෝසෙස්, පූජක එලෙයාසර් සහ ජනතාවගේ නායකයෝ සියලු දෙන ඔවුන් හමු වීමට කඳවුරෙන් පිටත ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 එවිට මෝසෙස්, පූජක එලෙයාසර් සහ ජනතාවගේ නායකයෝ සියලු දෙන ඔවුන් හමු වීමට කඳවුරෙන් පිටත ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 31:13
9 හුවමාරු යොමු  

දාවිත් අනුව යන්ට බැරි ලෙස වෙහෙසව සිටියාවූ, බෙසොර් ඔය ළඟ සිටින්ට ඇරියාවූ මිනිසුන් දෙසියය ළඟට දාවිත් පැමිණි විට ඔව්හු දාවිත් සහ ඔහු සමඟ සිටි සෙනඟගේ පෙරමගට ආවෝය. දාවිත් සෙනඟ ළඟට ආ කල ඔවුන්ට ආචාරකෙළේය.


සාමුවෙල් උදය සාවුල් සම්බවෙන්ට යන පිණිස වේලාසනින් නැගිට්ටේය; එවිට: සාවුල් කර්මෙල්ට පැමිණ, එහි ජයස්තමහයක් පිහිටුවා, හැරී ගිල්ගාල්ට බැස යන්ට ගියේයයි සාමුවෙල්ට දන්වනලද්දේය.


ඔව්හු යොර්දාන් අසබඩ යෙරිකෝව සමීපයෙහි වූ මෝවබ් සමභූමිවල කඳවුරේ සිටි මෝසෙස් සහ පූජකවූ එලෙයාසර්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවද වෙතට අල්ලාගත්තවුන් හා මෘගයන්ද කොල්ලයද ගෙනාවෝය.


යම් මනුෂ්‍යයෙකුගේ මළකඳක ස්පර්ශවන තැනැත්තේ සත් දවසක් අපවිත්‍රව සිටින්නේය.


සියලු කුෂ්ඨරෝගීන්ද ප්‍රමේහයක් ඇති සියල්ලන්ද මෘත ශරීරයකින් අපවිත්‍රව සිටින සියල්ලන්ද කඳවුරෙන් පිටතට යවන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරන්න.


ඔහු කෙදොර්-ලායොමෙර් සහ ඔහු සමඟ සිටිය රජුන් මරා ආ කල්හි සොදොම්හි රජතෙම ඔහු සම්මුඛවන පිණිස ෂාවේ මිටියාවතට (එනම් රජුගේ මිටියාවතට) පිටත්ව ගියේය.


අධිපතියෙක් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නොකටයුතුයයි අණකළ දේවලින් යමක් නොදැනුවත්ව කොට වැරදිකාරයෙක්ව සිටින කල,


එවිට මෝසෙස් යුද්ධයෙන් හැරී ආවාවූ සහස්‍රාධිපතීන් වන සේනාවේ මුලාදෑනීන් කෙරෙහි උදහස්ව:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්