තවද, දෙවියන් වහන්සේගේ නමින් ඔහු දිවුර වූ නෙබුකද්නෙශර් රජුට විරුද්ධ ව ඔහු කැරලි ගැසුවේ ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත නොහැරෙන ලෙස මුරණ්ඩු වී තමාගේ සිත දැඩි කරගත්තේ ය.
ගණන් කථාව 30:3 - Sinhala New Revised Version ‘යම් කිසි තරුණ කාන්තාවක ඇගේ පියාගේ ගෘහයේ සිටිය දී, සමිඳාණන් වහන්සේට බාරයක් වී දිවුරුම් දුන් පසු, Sinhala New Revised Version 2018 ‘යම් කිසි තරුණ කාන්තාවක ඇගේ පියාගේ ගෘහයේ සිටිය දී, සමිඳාණන් වහන්සේට බාරයක් වී දිවුරුම් දුන් පසු, Sinhala Revised Old Version ස්ත්‍රියෙක් ඇගේ තරුණ වයසේදී ඇගේ පියාගේ ගෙයි සිටින අතර ස්වාමීන්වහන්සේට බාරයක් වී යමකින් වැලකීමට බැඳෙන කල, |
තවද, දෙවියන් වහන්සේගේ නමින් ඔහු දිවුර වූ නෙබුකද්නෙශර් රජුට විරුද්ධ ව ඔහු කැරලි ගැසුවේ ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත නොහැරෙන ලෙස මුරණ්ඩු වී තමාගේ සිත දැඩි කරගත්තේ ය.
“ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්නැ”යි වදාළ සේක. “යමෙකු බාරයක් ඉටු කරන පිණිස තමා ම සමිඳාණන් වහන්සේට කැප කරගත් විට, ඔහු නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුදල නියම කළ යුත්තේ පහත දක්වන පිළිවෙළට ය.
‘යම් පුරුෂයෙකු සමිඳාණන් වහන්සේට බාරයක් වුවහොත්, නැත්නම්, යම් කිසි දෙයකින් වැළකෙන හැටියට දිවුරුමක් දුන්නොත්, ඔහු තම වචනය කඩ නොකළ යුතු ය. තමා කී පරිදි සියල්ල ඉටු කළ යුතු ය.
‘ඇගේ පියා, ඈ කළ බාරය සහ ඈ යමකින් වැළකීමට ගත් පොරොන්දුව ගැන අසා ඔහු නිහඬ වුවහොත්, ඈ එම බාර ද යමකින් වැළකීමට ගත් පොරොන්දු ද සියල්ල ඉටු කළ යුතු ය.
“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ විශේෂ බාරයක් වී සමිඳාණන් වහන්සේට කැප වී වෙන් වන පිණිස නාසරීයයෙකුගේ බාරයක් වූ විට
ස්ත්‍රීහු සභා රැස්වීම්වල දී නිශ්ශබ්ද ව සිටිත් වා. මන්ද, කතා කිරීමට ඔවුන්ට අවසරයක් නැත. ව්‍යවස්ථාවේ කියා තිබෙන පරිදි ඔව්හු ප්‍රමුඛ ව නොසිටිත් වා.
ප්‍රජා මූලිකයෝ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නමින් ඔවුන්ට දිවුරුම් දී තිබුණ නිසා ඔවුන්ට පහර නොදුන්නෝ ය. සියලු සෙනඟ ප්‍රජා මූලිකයන්ට විරුද්ධ ව දොස් පැවරුවෝ ය.
ඔහු ඇය දුටු විට, තමාගේ වස්ත්‍ර ඉරාගෙන, “අහෝ මාගේ දියණියෙනි! ඔබ මා ඉමහත් දුකට පත් කෙළෙහි ය. ඔබ මාගේ දුක් වේදනාවට හේතු වූයේ මන් ද? මා එසේ කියන්නේ, මම සමිඳාණන් වහන්සේට මාගේ මුවින් පොරොන්දුවක් වූ බැවිනි. එය වෙනස් කළ නොහැකි ය”යි කී ය.
ඈ බාරයක් වෙමින්, “සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකාරී වන මාගේ දුක දෙස හොඳින් බලා, මා සිහි කර, මා අමතක නොකර, මට පිරිමි දරුවෙකු දෙන සේක් නම්, මම ඔහුගේ මුළු ජීවිත කාලය ම ඔබට කැප කරන්නෙමි; ඔහුගේ හිසට කවදාවත් දැළි පිහියක් නොතබන්නෙමි”යි කීවා ය.