Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 27:2 - Sinhala New Revised Version

2 “ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්නැ”යි වදාළ සේක. “යමෙකු බාරයක් ඉටු කරන පිණිස තමා ම සමිඳාණන් වහන්සේට කැප කරගත් විට, ඔහු නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුදල නියම කළ යුත්තේ පහත දක්වන පිළිවෙළට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්නැ”යි වදාළ සේක. “යමෙකු බාරයක් ඉටු කරන පිණිස තමා ම සමිඳාණන් වහන්සේට කැප කරගත් විට, ඔහු නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුදල නියම කළ යුත්තේ පහත දක්වන පිළිවෙළට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–මනුෂ්‍යයෙක් භාරයක් ඉෂ්ටකරන කල භාරයට ඇතුළත් අයවල් නුඹ නියමකරන ගණනේ හැටියට ස්වාමීන්වහන්සේට අයිති වන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 27:2
14 හුවමාරු යොමු  

“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ විශේෂ බාරයක් වී සමිඳාණන් වහන්සේට කැප වී වෙන් වන පිණිස නාසරීයයෙකුගේ බාරයක් වූ විට


එබැවින් මම ද ඔහු සමිඳාණන් වහන්සේට දෙන්නෙමි. ඔහු ජීවත් ව සිටින තෙක් සමිඳාණන් වහන්සේට කැප ය”යි කීවා ය. ඔව්හු එහි දී සමිඳාණන් වහන්සේට නමස්කාර කළහ.


ඈ බාරයක් වෙමින්, “සියලු බලැති සමිඳාණන් වහන්ස, ඔබේ මෙහෙකාරී වන මාගේ දුක දෙස හොඳින් බලා, මා සිහි කර, මා අමතක නොකර, මට පිරිමි දරුවෙකු දෙන සේක් නම්, මම ඔහුගේ මුළු ජීවිත කාලය ම ඔබට කැප කරන්නෙමි; ඔහුගේ හිසට කවදාවත් දැළි පිහියක් නොතබන්නෙමි”යි කීවා ය.


දෙමස ගෙවී ගිය කල ඈ ඇගේ පියා වෙත හැරී ආවා ය. එවිට ඔහු තමා කළ බාරය අනුව ඈට කෙළේ ය. ඈ කන්‍යාවක් ව සිටියා ය. මෙය ඉශ්රායෙල්වරුන් අතරේ ඇති වූ සිරිතකි.


‘යම් කිසි තරුණ කාන්තාවක ඇගේ පියාගේ ගෘහයේ සිටිය දී, සමිඳාණන් වහන්සේට බාරයක් වී දිවුරුම් දුන් පසු,


ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට බාරයක් වෙමින්, “ඔබ මේ සෙනඟ අප අතට පාවා දෙන සේක් නම්, අපි ඔවුන්ගේ නගර සහමුලින් වනසාලන්නෙමු”යි කී හ.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,


“ඔබේ අසල්වැසියාගේ මිදි වත්තට ඔබ ඇතුළු වුවහොත් ඔබට කැමැති පරිදි ඇති තරමට එහි මිදිපල කත හැකි ය. එහෙත්, ඒවා මල්ලක දමා නොගත යුතු ය.


පූජකයෝ තම තමන් සේවය කළ අයගෙන් ද අඳුනන්නවුන්ගෙන් ද ගනිත් වා, ඔව්හු ද මාලිගාවේ වුවමනා පරිදි කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කරත් වා”යි කී ය.


කටයුතු බහුල වීමෙන් කරදර වූ සිතට සිහින පෙනේ. වචන රාශියක් කියන විට අඥානයාගේ අනුවණකම මතු වෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්