සංගණනයට ඇතුළු වෙන සෑම කෙනෙක් ම ශුද්ධස්ථානයේ මිල අනුව නියම මිල දිය යුතු ය. සමිඳාණන් වහන්සේ වන මට පුදන පඬුර එය විය යුතු ය.
ගණන් කථාව 3:47 - Sinhala New Revised Version නුඹ ලියාපදිංචි කළ ඒ එක් එක්කෙනා වෙනුවට ශුද්ධස්ථානයේ සම්මත රිදී කාසි මිල අනුව රිදී කාසි පහ බැගින් අය කළ යුතු ය. රිදී කාසි එකක් ගේරා විස්සකට සමාන වේ. Sinhala New Revised Version 2018 නුඹ ලියාපදිංචි කළ ඒ එක් එක්කෙනා වෙනුවට ශුද්ධස්ථානයේ සම්මත රිදී කාසි මිල අනුව රිදී කාසි පහ බැගින් අය කළ යුතු ය. රිදී කාසි එකක් ගේරා විස්සකට සමාන වේ. Sinhala Revised Old Version එක් එක්කෙනා වෙනුවට ෂෙකෙල් පහක් බැගින් ගනින්න; ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙලට ගේරා විස්සක් බැගින් ගනින්න. |
සංගණනයට ඇතුළු වෙන සෑම කෙනෙක් ම ශුද්ධස්ථානයේ මිල අනුව නියම මිල දිය යුතු ය. සමිඳාණන් වහන්සේ වන මට පුදන පඬුර එය විය යුතු ය.
සමිඳාණන් වහන්සේට කැප කළ, ශුද්ධස්ථානයේ කර්මාන්ත සියල්ලට භාවිතා කළ රත්රන්වල ප්‍රමාණය, කිලෝග්‍රෑම් දාහක් හා ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් ද විය.
“ෂෙකෙලට ගේරා විස්සක් ය. ෂෙකෙලය ග්‍රෑම් එකොළහයි දශම හතරකි. නුඹලාගේ මීනා එක ෂෙකෙල් හැටක් වන්නේ ය.
“ඔහු අවුරුදු විස්සේ සිට හැට දක්වා වයසැති පිරිමියෙක් නම්, ගෙවිය යුතු මුදල ශුද්ධස්ථානයේ මිලය අනුව රිදී කාසි පණහකි.
“මාසයේ සිට අවුරුදු පහ දක්වා වයසැති පිරිමි ළමයෙක් නම්, ගෙවිය යුතු මුදල රිදී කාසි පහකි. ගැහැණු ළමයෙක් නම්, රිදී කාසි තුනකි.
මුදාගත යුතු වූවන්ට මසක් ගිය පසු නුඹ ඔවුන් මුදාගත යුතු ය. එසේ කිරීමේ දී නුඹේ නියමය හැටියට ශුද්ධස්ථානයේ මිල අනුව, රිදී කාසි පහක් ගෙවිය යුතු ය. රිදී කාසියක් නම් ගේරා විස්සකි.
තවද, නුඹ මෙලෙස වැඩිපුර සිටි අය මුදාගැනීමට ආපසු ගෙවූ මුදල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට දිය යුතු ය”යි වදාළ සේක.
ඔහුගේ පඬුරු නම්, කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.