Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 27:25 - Sinhala New Revised Version

25 “සියලු තක්සේරු ගිණිය යුත්තේ ශුද්ධස්ථානයේ මිලය අනුව ය. ගෙරා විස්සක් රිදී කාසි එකකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 “සියලු තක්සේරු ගිණිය යුත්තේ ශුද්ධස්ථානයේ මිලය අනුව ය. ගෙරා විස්සක් රිදී කාසි එකකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 නුඹේ සියලු නියමකිරීම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙලට ගේරා විස්සක් බැගින් විය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 27:25
9 හුවමාරු යොමු  

සංගණනයට ඇතුළු වෙන සෑම කෙනෙක් ම ශුද්ධස්ථානයේ මිල අනුව නියම මිල දිය යුතු ය. සමිඳාණන් වහන්සේ වන මට පුදන පඬුර එය විය යුතු ය.


මුදාගත යුතු වූවන්ට මසක් ගිය පසු නුඹ ඔවුන් මුදාගත යුතු ය. එසේ කිරීමේ දී නුඹේ නියමය හැටියට ශුද්ධස්ථානයේ මිල අනුව, රිදී කාසි පහක් ගෙවිය යුතු ය. රිදී කාසියක් නම් ගේරා විස්සකි.


නුඹ ලියාපදිංචි කළ ඒ එක් එක්කෙනා වෙනුවට ශුද්ධස්ථානයේ සම්මත රිදී කාසි මිල අනුව රිදී කාසි පහ බැගින් අය කළ යුතු ය. රිදී කාසි එකක් ගේරා විස්සකට සමාන වේ.


“ෂෙකෙලට ගේරා විස්සක් ය. ෂෙකෙලය ග්‍රෑම් එකොළහයි දශම හතරකි. නුඹලාගේ මීනා එක ෂෙකෙල් හැටක් වන්නේ ය.


“ඔහු අවුරුදු විස්සේ සිට හැට දක්වා වයසැති පිරිමියෙක් නම්, ගෙවිය යුතු මුදල ශුද්ධස්ථානයේ මිලය අනුව රිදී කාසි පණහකි.


සමිඳාණන් වහන්සේට කැප කළ, ශුද්ධස්ථානයේ කර්මාන්ත සියල්ලට භාවිතා කළ රත්රන්වල ප්‍රමාණය, කිලෝග්‍රෑම් දාහක් හා ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් ද විය.


ජුබිලි වර්ෂයේ දී ඒ ඉඩම පළමු හිමිකරුට හෝ ඔහුගෙන් පැවත එන අයට හෝ හිමි වනු ඇත.


ඔහුගේ පඬුරු නම් කිලෝග්‍රෑම් එකහමාරක් බර ඇති රිදී බඳුනක් සහ ග්‍රෑම් අටසියයක් බර ඇති රිදී තැටියක් විය. මේ දෙක ම ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටිවලින් පිරී තිබිණි.


“යමෙකු සමිඳාණන් වහන්සේට දිය යුතු ශුද්ධ දේවල් නොදී, නොදැනුවත්ව වැරැද්දක් කළොත්, ඒ වැරැද්ද වෙනුවට ඔහු සමිඳාණන් වහන්සේ වෙත රැළෙන් නොකැළැල් බැටළුවෙකු ගෙනා යුතු ය. වන්දි ගෙවීමේ පූජාවක් සඳහා ඌ තක්සේරු කළ යුත්තේ, ශුද්ධස්ථානයේ වලංගු කාසි අනුව රිදී කාසි මිලට එකඟ ව ය; මෙය වන්දි ගෙවීමේ පූජාවකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්