“ඔවුන් සමිඳාණන් වහන්සේට පුදන මිනිසුන්ගේ හෝ මෘගයන්ගේ හෝ කුලුඳුලන් සියලු දෙනා නුඹට අයිති වෙත්. එහෙත්, කුලුඳුල් පුතෙක් නම් මුදාගත යුතු වේ. එලෙස ම අපවිත්‍ර යයි සැලකෙන කුලුඳුල් සතුන්ගේ පැටියන් ද මුදාගත යුතු ය.
ගණන් කථාව 3:41 - Sinhala New Revised Version මම සමිඳාණන් වහන්සේ වෙමි. ඉශ්රායෙල් ජනයා අතර සියලු කුලුඳුලන් වෙනුවට ලෙවීවරුන් පමණක් මට වෙන් කරන්න. තවද, ඉශ්රායෙල් ජනයාගේ සියලු කුලුඳුල් ගවයන් වෙනුවට, ලෙවීවරුන්ගේ ගවයන් මට වෙන් කරන්නැ”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 මම සමිඳාණන් වහන්සේ වෙමි. ඉශ්රායෙල් ජනයා අතර සියලු කුලුඳුලන් වෙනුවට ලෙවීවරුන් පමණක් මට වෙන් කරන්න. තවද, ඉශ්රායෙල් ජනයාගේ සියලු කුලුඳුල් ගවයන් වෙනුවට, ලෙවීවරුන්ගේ ගවයන් මට වෙන් කරන්නැ”යි වදාළ සේක. Sinhala Revised Old Version ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලන් වෙනුවට ලෙවීවරුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගවයන් අතරෙහි සියලු කුලුඳුල් ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන්ද මට ගනින්න; මම ස්වාමීන්වහන්සේයයි කීසේක. |
“ඔවුන් සමිඳාණන් වහන්සේට පුදන මිනිසුන්ගේ හෝ මෘගයන්ගේ හෝ කුලුඳුලන් සියලු දෙනා නුඹට අයිති වෙත්. එහෙත්, කුලුඳුල් පුතෙක් නම් මුදාගත යුතු වේ. එලෙස ම අපවිත්‍ර යයි සැලකෙන කුලුඳුල් සතුන්ගේ පැටියන් ද මුදාගත යුතු ය.
“මම ඉශ්රායෙල් ජනයාගේ මවු කුසයෙන් බිහි වන සියලු ම කුලුඳුලන් වෙනුවට ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් තෝරාගතිමි. ඔවුන් මාගේ වනු ඇත.
මන්ද, සියලු කුලුඳුලෝ මට අයිති ය. මිසර දේශයේ සියලු කුලුඳුලන් මැරූ දිනයේ දී, මම ඉශ්රායෙල් ජනයා අතර කුලුඳුල් දරුවන් හා කුලුඳුල් සතුන් මට ම කැප කොටගතිමි. ඔවුන් මට අයිති වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි”යි වදාළ සේක.
මෝසෙස් ද සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ඉශ්රායෙල් ජනයා අතර සියලු කුලුඳුලන් ලියාපදිංචි කෙළේ ය.
“ඉශ්රායෙල් ජනයා අතර සිටින සියලු කුලුඳුලන් වෙනුවට, ලෙවීවරුන්ගේ කුලුඳුලන් ද, ඉශ්රායෙල් ජනයාගේ ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන් ද මට වෙන් කරන්න. ලෙවීවරුන් මගේ වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.
මුළු ඉශ්රායෙල් ජනයා අතර උපදින කුලුඳුලන් වෙනුවට මම මට ම ඔවුන් තෝරාගතිමි. ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔව්හු මට මුළුමනින් ම කැප කරන ලද්දෝ ය.
මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ සේවය ලබන්න නොව, සේවය කරන්නටත්, බොහෝ දෙනෙකුගේ මිදීම උදෙසා සිය දිවි පිදීමටත් ය.”
සියල්ලන්ගේ මිදීම පිණිස උන් වහන්සේ සිය දිවි පිදූ සේක. මෙසේ නියමිත කාලයේ දී උන් වහන්සේ සාක්ෂි දැරූ සේක.