Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 3:45 - Sinhala New Revised Version

45 “ඉශ්රායෙල් ජනයා අතර සිටින සියලු කුලුඳුලන් වෙනුවට, ලෙවීවරුන්ගේ කුලුඳුලන් ද, ඉශ්රායෙල් ජනයාගේ ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන් ද මට වෙන් කරන්න. ලෙවීවරුන් මගේ වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

45 “ඉශ්රායෙල් ජනයා අතර සිටින සියලු කුලුඳුලන් වෙනුවට, ලෙවීවරුන්ගේ කුලුඳුලන් ද, ඉශ්රායෙල් ජනයාගේ ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන් ද මට වෙන් කරන්න. ලෙවීවරුන් මගේ වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

45 ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලන් වෙනුවට ලෙවීවරුන්ද ඔවුන්ගේ ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන්ද ගනින්න. ලෙවීවරු මාගේ වන්නෝය; මම ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 3:45
7 හුවමාරු යොමු  

“මම ඉශ්රායෙල් ජනයාගේ මවු කුසයෙන් බිහි වන සියලු ම කුලුඳුලන් වෙනුවට ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් තෝරාගතිමි. ඔවුන් මාගේ වනු ඇත.


කුලුඳුල් කොටළුවෙකු වෙනුවට බැටළු පැටවෙකු දී ඌ මුදාගත යුතු ය. නුඹ ඌ මුදා නොගන්නෙහි නම්, උගේ බෙල්ල කැඩිය යුතු ය. තවද, සියලු ම කුලුඳුල් පිරිමි දරුවන් නුඹ මුදාගත යුතු ය. කිසිවෙකු හිස් අතින් මා ඉදිරියට නො ආ යුතු ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,


මුළු ඉශ්රායෙල් ජනයා අතර උපදින කුලුඳුලන් වෙනුවට මම මට ම ඔවුන් තෝරාගතිමි. ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔව්හු මට මුළුමනින් ම කැප කරන ලද්දෝ ය.


මෙන්න, ඉශ්රායෙල් ජනයා අතරෙන් නුඹේ සොහොයුරන් වන ලෙවීවරුන් තෝරාගෙන නුඹට තිළිණයක් වශයෙන් ඔවුන් දුන්නේ මම ය. ඔවුන් මට කැප වී ඇති බැවින්, සම්මුඛ මණ්ඩපයේ සේවය ඉටු කළ යුතු ය.


එවිට ලෙවීගේ පරම්පරාවේ පූජකයන් සමඟ මා කළ ගිවිසුම ස්ථිර ව පවතින පිණිස මා මේ ආඥාව නුඹලාට දුන් බව නුඹලා දැනගන්නහු ය.” මෙසේ පවසන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්