දවස් හතක් තුළ ඔබ නුමුහුන් රොටි අනුභව කළ පසු හත් වන දින සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පැවැත්විය යුතු ය.
ගණන් කථාව 28:17 - Sinhala New Revised Version ඒ මාසයේ පසළොස් වන දින මංගල්‍ය පටන්ගනු ලැබේ. දින හතක් ම නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. Sinhala New Revised Version 2018 ඒ මාසයේ පසළොස් වන දින මංගල්‍ය පටන්ගනු ලැබේ. දින හතක් ම නුමුහුන් පූප අනුභව කළ යුතු ය. Sinhala Revised Old Version ඒ මාසයේ පසළොස්වෙනි දින මංගල්‍ය දවසක්ය. සත් දවසක් මුහුන් නොදැමූ රොටි කෑ යුතුය. |
දවස් හතක් තුළ ඔබ නුමුහුන් රොටි අනුභව කළ පසු හත් වන දින සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පැවැත්විය යුතු ය.
නුමුහුන් රොටි මංගල්‍යය පැවැත්විය යුතු ය. මා අණ කළ පරිදි ආබිබ් මාසයේ නියමිත කාලයේ දී දින හතක් නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙන් නික්ම ආයේ ඒ මාසයේ ය. එහෙත්, කිසිවෙකු හිස් අතින් මා ඉදිරියට නොපැමිණිය යුතු ය.
“නුඹ නුමුහුන් රොටි මංගල්‍යය පැවැත්විය යුතු ය. මා නුඹට අණ කළ පරිදි ආබිබ් නම් මාසයේ දී දින හතක් නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. මන්ද, නුඹ මිසර දේශයෙන් පිටත ආවේ ඒ මාසයේ ය.
එම මාසයේ ම පසළොස් වන දින සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන නුමුහුන් රොටි මංගල්‍යයයි. දවස් හතක් නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය.