Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 28:17 - Sinhala New Revised Version 2018

17 ඒ මාසයේ පසළොස් වන දින මංගල්‍ය පටන්ගනු ලැබේ. දින හතක් ම නුමුහුන් පූප අනුභව කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඒ මාසයේ පසළොස් වන දින මංගල්‍ය පටන්ගනු ලැබේ. දින හතක් ම නුමුහුන් රොටි අනුභව කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 ඒ මාසයේ පසළොස්වෙනි දින මංගල්‍ය දවසක්ය. සත් දවසක් මුහුන් නොදැමූ රොටි කෑ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 28:17
6 හුවමාරු යොමු  

එම මාසයේ ම පසළොස් වන දින සමිඳාණන් වහන්සේගේ ගෞරවය පිණිස පවත්වන නුමුහුන් පූප මංගල්‍යයයි. දවස් හතක් නුඹලා නුමුහුන් පූප අනුභව කළ යුතු ය.


“නුඹ නුමුහුන් පූප මංගල්‍යය පැවැත්විය යුතු ය. මා නුඹට අණ කළ පරිදි ආබිබ් නම් මාසයේ දී දින හතක් නුමුහුන් පූප අනුභව කළ යුතු ය. මන්ද, නුඹ මිසර දේශයෙන් පිටත ආවේ ඒ මාසයේ ය.


නුමුහුන් පූප මංගල්‍යය පැවැත්විය යුතු ය. මා අණ කළ පරිදි ආබිබ් මාසයේ නියමිත කාලයේ දී දින හතක් නුමුහුන් පූප අනුභව කළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙන් නික්ම ආයේ ඒ මාසයේ ය. එහෙත්, කිසිවෙකු හිස් අතින් මා ඉදිරියට නොපැමිණිය යුතු ය.


දවස් හතක් තුළ ඔබ නුමුහුන් පූප අනුභව කළ පසු හත් වන දින සමිඳාණන් වහන්සේට මංගල්‍යයක් පැවැත්විය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්