ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 27:4 - Sinhala New Revised Version

ඔහුට පුතෙකු නැති බැවින් අප පියාගේ නම ඔහුගේ පරපුරෙන් මැකී යා යුත්තේ මන් ද? එබැවින් අප පියාගේ සොහොයුරන් අතරෙන් කොටසක් උරුම වශයෙන් අපට දෙන්නැ”යි ඉල්ලූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහුට පුතෙකු නැති බැවින් අප පියාගේ නම ඔහුගේ පරපුරෙන් මැකී යා යුත්තේ මන් ද? එබැවින් අප පියාගේ සොහොයුරන් අතරෙන් කොටසක් උරුම වශයෙන් අපට දෙන්නැ”යි ඉල්ලූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අපේ පියාණන්ට පුත්‍රයෙකු නැති බැවින් ඔහුගේ නාමය ඔහුගේ වංශය අතරෙන් පහවෙන්ට ඕනෑ මක්නිසාද? අපේ පියාගේ සහෝදරයන් අතරේ අපට උරුමයක් දුනමැනවියි කීවෝය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 27:4
6 හුවමාරු යොමු  

ඔහුගෙන් පැවත එන්නෝ වැනසී යත් වා! මීළඟ පරම්පරාවේ දී ඔවුන්ගේ නම මැකී යේ වා!


එහෙත්, මෝසෙස් තම දෙවි සමිඳාණන් වහන්සේට කන්නලව් කරමින්, “ස්වාමීනි, ඔබ මහත් බලය පාමින් ද ඔබේ බාහු බලයෙන් ද මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ සෙනඟට විරුද්ධ ව ඔබේ උදහස වේගවත් ලෙස අවුළන්නේ මන් ද?


දමිටුන්ගේ එළිය දීප්තිමත් ව බබළයි; එහෙත් අදමිටුන්ගේ පහන නිවීගෙන යයි.


“අපේ පියා පාළුකරයේ දී මළේ ය. සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිගැසූ කෝරාගේ පිරිසට ඔහු අයත් නො වී ය. ඔහු මළේ තමාගේ පාපය නිසා ම ය. ඔහුට පුත්තු නොසිටිය හ.


මෝසෙස් ද ඔවුන්ගේ මේ කරුණ සමිඳාණන් වහන්සේට ඉදිරිපත් කෙළේ ය.


ඔව්හු පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් ජෝෂුවා ද ප්‍රජා මූලිකයන් ද ඉදිරියට අවුත්, “සමිඳාණන් වහන්සේ අපේ සහෝදරයන් අතරේ අපට උරුමයක් බෙදා දෙන්නට මෝසෙස්ට අණ කළ සේකැ”යි කීවෝ ය. එබැවින් ඔහු සමිඳාණන් වහන්සේගේ ආඥාව ලෙස ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරෙහි ඔවුන්ට උරුමයක් දුන්නේ ය.