ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 26:64 - Sinhala New Revised Version

එහෙත්, සීනයි පාළුකරයේ දී මෝසෙස් සහ පූජක ආරොන් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන විට සිටි අයගෙන් එක් කෙනෙක් වත්, මෙහි නොසිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත්, සීනයි පාළුකරයේ දී මෝසෙස් සහ පූජක ආරොන් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන විට සිටි අයගෙන් එක් කෙනෙක් වත්, මෙහි නොසිටියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එහෙත් සීනයි කාන්තාරයෙහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන් ගණන්කළාවූ මෝසෙස් හා පූජකවූ ආරොන්ද විසින් ගණන්කළවුන්ගෙන් කිසිවෙක් මොවුන් අතරේ නොසිටියෝය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 26:64
10 හුවමාරු යොමු  

ජන සංගණනයේ දී ලියාපදිංචි කළ, වයස අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, මට විරුද්ධ ව මැසිවිලි කී සියල්ලෝ ම මේ පාළුකරයේ ම නසිනු ඇත.


එහෙත්, නුඹලා මේ පාළුකරයේ ම නසින්නහු ය.


මෙසේ ජොර්දාන් ගඟබඩ ජෙරිකෝව අසල මෝවබ් මිටියාවතෙහි මෝසෙස් සහ පූජක එලෙයාසර් විසින් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන ලදහ.


“අපේ පියා පාළුකරයේ දී මළේ ය. සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිගැසූ කෝරාගේ පිරිසට ඔහු අයත් නො වී ය. ඔහු මළේ තමාගේ පාපය නිසා ම ය. ඔහුට පුත්තු නොසිටිය හ.


එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ප්‍රිය නොකළ සේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි දී විනාශ වූ හ.


උන් වහන්සේ සතළිස් අවුරුද්දක් ම උදහස් ව සිටියේ කවුරුන් සමඟ ද? පව් කොට, කාන්තාරයේ මළ අය සමඟ නොවේ ද?


ජෝෂුවා චර්මඡේදනය කෙළේ මේ කරුණ නිසා ය: මිසර දේශයෙන් පිටත් ව පැමිණි සියලු භට සෙනඟ වූ පිරිමි, මිසරයෙන් නික්ම ආ පසු, මඟ දී පාළුකරයේ මියගියහ.