Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 14:32 - Sinhala New Revised Version

32 එහෙත්, නුඹලා මේ පාළුකරයේ ම නසින්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 එහෙත්, නුඹලා මේ පාළුකරයේ ම නසින්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 එහෙත් නුඹලාගේ මළකඳන් මේ කාන්තාරයෙහි වැටෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 14:32
7 හුවමාරු යොමු  

එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ප්‍රිය නොකළ සේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි දී විනාශ වූ හ.


ජන සංගණනයේ දී ලියාපදිංචි කළ, වයස අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, මට විරුද්ධ ව මැසිවිලි කී සියල්ලෝ ම මේ පාළුකරයේ ම නසිනු ඇත.


උන් වහන්සේ සතළිස් අවුරුද්දක් ම උදහස් ව සිටියේ කවුරුන් සමඟ ද? පව් කොට, කාන්තාරයේ මළ අය සමඟ නොවේ ද?


එහෙත්, සීනයි පාළුකරයේ දී මෝසෙස් සහ පූජක ආරොන් ඉශ්රායෙල් ජනයා ලියාපදිංචි කරන විට සිටි අයගෙන් එක් කෙනෙක් වත්, මෙහි නොසිටියේ ය.


ඔවුන් පාළුකරයේ ම මියයන බව සමිඳාණන් වහන්සේ කියා තිබිණි. මෙලෙස ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද, නූන්ගේ පුත් ජෝෂුවා ද හැර ඔවුන්ගෙන් කිසිවෙක් ඔවුන් අතර ඉතුරු නො වූ හ.


මෙසේ උන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් ජනයාට විරුද්ධ ව ඇවිළී ගියෙන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ මුළු පෙළපත ම නැසී වැනසී යන තෙක්, අවුරුදු හතළිහක් පුරා ම ඔවුන්ට පාළුකරයේ මංමුළා වී යන්නට සැලැසූ සේක.


එබැවින්, ඔවුන් පාළුකරයේ දී මරා දමන බවත්, ඔවුන්ගේ සෙනඟ විජාතීන් අතරේ මිය යාමට සලසන බවත්, දේශවල ඔවුන් විසුරුවා හරින බවත් වදාරා එතුමාණෝ අත ඔසවා දිවුළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්