ආරොන්ගේ සොහොයුරිය වන, මීරියම් දිවැසිවරිය කිකිණි බැඳි සිඟිති රබානක් අතින් ගත්තා ය. වනිතාවෝ සියලු දෙන ද කිකිණි බැඳි රබන් පොඩි ලෙලවමින්, නටමින් ඇය පසුපස ගමන්ගත්හ.
ගණන් කථාව 26:59 - Sinhala New Revised Version අම්රාම්ගේ බිරිඳ ජොකෙබෙද් ය. ඈ මිසරයේ දී ලෙවීට දාව උපන් ඔහුගේ දුවකි. ඈ අම්රාම්ගෙන් ආරොන් හා මෝසෙස් ද, ඔවුන්ගේ සොහොයුරිය මීරියම් ද ලැබුවා ය. Sinhala New Revised Version 2018 අම්රාම්ගේ බිරිඳ ජොකෙබෙද් ය. ඈ මිසරයේ දී ලෙවීට දාව උපන් ඔහුගේ දුවකි. ඈ අම්රාම්ගෙන් ආරොන් හා මෝසෙස් ද, ඔවුන්ගේ සොහොයුරිය මීරියම් ද ලැබුවා ය. Sinhala Revised Old Version අම්රාම්ගේ භාර්යාවගේ නම යොකෙබෙද්ය, ඈ මිසරයේදී ලෙවීට දාව උපන්නාවූ ඔහුගේ දුවක්ය. ඈ අම්රාම් නිසා ආරොන්ද මෝසෙස්ද ඔවුන්ගේ සහෝදරීවූ මිරියාම්ද බිහිකළාය. |
ආරොන්ගේ සොහොයුරිය වන, මීරියම් දිවැසිවරිය කිකිණි බැඳි සිඟිති රබානක් අතින් ගත්තා ය. වනිතාවෝ සියලු දෙන ද කිකිණි බැඳි රබන් පොඩි ලෙලවමින්, නටමින් ඇය පසුපස ගමන්ගත්හ.
තවද, අම්රාම් තම පියාගේ සොහොයුරිය වූ ජොකෙබෙද් බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඇය ඔහුට දාව ආරොන් සහ මෝසෙස් ලැබුවා ය. අම්රාම් අවුරුදු එකසිය තිස්හතක් ජීවත් විය.
නුඹේ පියාගේ සොහොයුරිය, නුඹේ පියාගේ කිට්ටු නෑයෙකු බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.
මෝසෙස්, කුෂ් නම් දේශයෙන් කුෂ් ජාතික ස්ත්‍රියක සරණ පාවාගත් හෙයින් මීරියම් සහ ආරොන් ඔහුට විරුද්ධ ව කතා කළහ.
පළමු වන මාසයේ දී මුළු ඉශ්රායෙල් ජනතාව ශීන් නම් පාළුකරයට ඇතුළු වී කාදෙෂ් නම් ස්ථානයේ නවාතැන් ගත්හ. එහි දී මීරියම් මරණයට පත් වූයෙන්, ඈ භූමදාන කෙරිණි.