මෝවබ්හි වැසියෝ මිදියන්හි මූලිකයන්ට කතා කොට, “ගොනෙකු කෙතේ තණ කොළ කා දමන්නාක් මෙන්, මේ පිරිස අප අවට ඇති සියල්ල කාදමනු ඇතැ”යි කී හ. ඒ සමයෙහි මෝවබ්වරුන්ගේ රජ ශිප්පෝර්ගේ පුත් බාලාක් විය.
ගණන් කථාව 25:15 - Sinhala New Revised Version මරණ ලද මිදියන් ජාතික ස්ත්‍රිය කොස්බි ය. ඈ මිදියන්හි දෙටු කුලයක සෙනඟට අධිපති නායකයෙකු වූ ශූර්ගේ දුව ය. Sinhala New Revised Version 2018 මරණ ලද මිදියන් ජාතික ස්ත්‍රිය කොස්බි ය. ඈ මිදියන්හි දෙටු කුලයක සෙනඟට අධිපති නායකයෙකු වූ ශූර්ගේ දුව ය. Sinhala Revised Old Version මරනු ලැබූ මිදියන් ස්ත්‍රියගේ නම කොස්බීය, ඈ වනාහි මිදියන්වරුන්ගේ පියවංශයක සෙනඟගේ ප්‍රධානියා වූ ශූර්ගේ දුවය. |
මෝවබ්හි වැසියෝ මිදියන්හි මූලිකයන්ට කතා කොට, “ගොනෙකු කෙතේ තණ කොළ කා දමන්නාක් මෙන්, මේ පිරිස අප අවට ඇති සියල්ල කාදමනු ඇතැ”යි කී හ. ඒ සමයෙහි මෝවබ්වරුන්ගේ රජ ශිප්පෝර්ගේ පුත් බාලාක් විය.
මිදියන් ජාතික ස්ත්‍රී සමඟ මරණ ලද ඉශ්රායෙල් ජාතිකයාගේ නම සිම්රි ය. ඔහු සිමියොන්ගේ පෙළපතට අයත් දෙටු කුලයක නායක වූ සාලුගේ පුත්‍රයා ය.
මන්ද, පෙයෝර් සම්බන්ධ කාරණයේ දී ද, ඒ කරුණ නිසා වසංගත පැමිණි දින මරණ ලද මිදියන් ජාතික නායකයාගේ දුව හා ඔවුන්ගේ සොහොයුරිය වන කොස්බි සම්බන්ධ කාරණයේ දී ද, ඔවුන් තමන්ගේ කපටි මායම්වලින් නුඹලාට හිරිහැර කර ඇති හෙයිනැ”යි වදාළ සේක.
ඔවුන්ගෙන් මැරුම්කෑ අය අතර එවී, රෙකෙම්, ශූර්, හුර් සහ රෙබා යන මිදියන් රජුන් පස්දෙනා ද වූ හ. තවද, ඔව්හු බෙයෝර්ගේ පුත් බාලාම් ද කඩුවෙන් මරාදැමූ හ.
තැනිතලාවේ සියලු නගර ද හෙෂ්බොන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ මුළු රාජ්‍යය ද යන මේවා ය. සීහොන් රජුට සහ දේශයේ වාසය කළ ඔහුගේ අමාත්‍යයන් ව සිටි මිදියන්හි අධිපතීන් වන එවීටත්, රෙකෙම්ටත්, ශුර්ටත්, හුර්ටත්, රෙබාටත් මෝසෙස් පහර දුන්නේ ය.
ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඒ නිසා සමිඳාණන් වහන්සේ මිදියන්වරුන් අතට ඔවුන් සත් අවුරුද්දකට පාවා දුන් සේක.