ඔහු මංගල්‍යය පවත්වන දවස් සත තුළ සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් ලෙස එක එක දවසට කැළලක් නැති ගොන් වස්සන් සත්දෙනෙකු ද බැටළුවන් සත්දෙනෙකු ද පාප පූජාවක් ලෙස දවසට එළුවෙකු ද පිළියෙළ කරන්නේ ය.
ගණන් කථාව 23:2 - Sinhala New Revised Version බාලාම් කී පරිදි බාලාක් කළ පසු, දෙදෙනා ම එක එක පූජාසනය මත එක ගොනෙකු හා එක බැටළු වස්සෙකු බැගින් පූජා කළහ. Sinhala New Revised Version 2018 බාලාම් කී පරිදි බාලාක් කළ පසු, දෙදෙනා ම එක එක පූජාසනය මත එක ගොනෙකු හා එක බැටළු වස්සෙකු බැගින් පූජා කළහ. Sinhala Revised Old Version බාලාක් සහ බාලාම් එක එක පූජාසනය පිට ගොනෙකු සහ බැටළුවෙකු බැගින් ඔප්පු කළෝය. |
ඔහු මංගල්‍යය පවත්වන දවස් සත තුළ සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් ලෙස එක එක දවසට කැළලක් නැති ගොන් වස්සන් සත්දෙනෙකු ද බැටළුවන් සත්දෙනෙකු ද පාප පූජාවක් ලෙස දවසට එළුවෙකු ද පිළියෙළ කරන්නේ ය.
බාලාම් බාලාක්ට කතා කොට, “මෙහි මට පූජාසන හතක් තනා, ගොනුන් හත්දෙනෙකු හා බැටළු වස්සන් හත්දෙනෙකු සපයා දෙන්නැ”යි කී ය.
මෙසේ කියා පිස්ගා නම් කඳු මුදුනෙහි ශොපිම් නම් කෙතට ඔහු ගෙනැවිත්, එහි පූජාසන හතක් තනා එක එක පූජාසනය මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළේ ය.
ඔහු බාලාක්ට කතා කොට, “මෙහි පූජාසන හතක් තනා, ගොනුන් හත්දෙනෙකු හා බැටළු වස්සන් හත්දෙනෙකු සපයා දෙන්නැ”යි කී ය.
ඉන්පසු බාලාම්, බාලාක් අමතමින්, “ඔබ ඔබේ දවන යාග පූජාව ළඟ සිටින්න. මම යන්නෙමි. ඇතැම් විට සමිඳාණන් වහන්සේ මා හමුවීමට එනු ඇත. උන් වහන්සේ මට යමක් වදාරන සේක් ද, මම එය ඔබට දන්වන්නෙමි”යි පැවසී ය. මෙසේ පවසා, ඔහු ගිරිකුළකට නැංගේ ය.
බාලාම් කී පරිදි බාලාක් කළ පසු, ඔහු එක එක පූජාසනය මත ගොනෙකු හා බැටළු වස්සෙකු බැගින් පූජා කෙළේ ය.