ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 22:35 - Sinhala New Revised Version

එවිට උන් වහන්සේගේ දූතයා බාලාම්ට කතා කොට, “මේ මිනිසුන් සමඟ යන්න. එහෙත්, මම නුඹට දන්වන දේ පමණක් නුඹ කිව යුතු ය”යි උත්තර දුනි. එවිට බාලාම් බාලාක්ගේ නායකයන් සමඟ යන්නට ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට උන් වහන්සේගේ දූතයා බාලාම්ට කතා කොට, “මේ මිනිසුන් සමඟ යන්න. එහෙත්, මම නුඹට දන්වන දේ පමණක් නුඹ කිව යුතු ය”යි උත්තර දුනි. එවිට බාලාම් බාලාක්ගේ නායකයන් සමඟ යන්නට ගියේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේගේ දූතයා: ඒ මනුෂ්‍යයන් සමඟ යන්න. එහෙත් මා විසින් නුඹට කියන වචනය පමණක් නුඹ විසින් කිය යුතුයයි බාලාම්ට කීවේය. මෙසේ බාලාම් බාලාක්ගේ අධිපතීන් සමඟ ගියේය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 22:35
8 හුවමාරු යොමු  

මීකායා ද, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා මාගේ දෙවියන් වහන්සේ කියන දෙය ම කතා කරන්නෙමි”යි කීවේ ය.


ඔවුන්ගේ ගල් සිත නිසා, මම ඔවුන් ප්‍රතික්ෂේප කෙළෙමි. එවිට ඔව්හු ඔවුන්ගේ ම මතිමතාන්තර අනුව ගමන් කළෝ ය.


අවංක ලෙස ජීවත් වෙන්නා ගැළවෙයි; වංක ලෙස ජීවත් වෙන්නා විපතට වැටෙයි.


බාලාම් පැමිණි බව බාලාක් දැනගත් විට ඔහු බාලාම් හමුවනු සඳහා මෝවබ් දේශ සීමාවේ අර්ණොන් ගං තෙර පිහිටි ආර් නම් නුවරට ගියේ ය.


එහෙත්, මා බාලාම්ට සවන් දීමට නොකැමැති වූ බැවින් ඔහු නුඹලාට ආශීර්වාද කෙළේ ය. මෙසේ මම ඔවුන්ගේ අතින් නුඹලා ගැළවීමි.