ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 20:17 - Sinhala New Revised Version

කරුණාකර ඔබේ දේශය මැදින් ගමන් කිරීමට අපට අවසර දෙනු මැනවි. කෙත් වතු හෝ මිදි වතු හෝ මැදින් අපි නොයන්නෙමු. ඔබේ ළිංවලින් ජලය ද අපි නොබොන්නෙමු. ඔබේ දේශ සීමා පසු කර යන තෙක් දකුණතට හෝ වමතට හෝ නොහැරී අපි රජ මාවත ඔස්සේ ම යන්නෙමු.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

කරුණාකර ඔබේ දේශය මැදින් ගමන් කිරීමට අපට අවසර දෙනු මැනවි. කෙත් වතු හෝ මිදි වතු හෝ මැදින් අපි නොයන්නෙමු. ඔබේ ළිංවලින් ජලය ද අපි නොබොන්නෙමු. ඔබේ දේශ සීමා පසු කර යන තෙක් දකුණතට හෝ වමතට හෝ නොහැරී අපි රජ මාවත ඔස්සේ ම යන්නෙමු.”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹේ දේශය මැදින් යන්ට අපට අවසර ලැබේවා. අපි කෙත් මැදින්වත් මිදිවතු මැදින්වත් නොයන්නෙමුව, ළින්වලින් වතුර නොබොන්නෙමුව. රජ මාවත යන්නෙමුව, නුඹේ සීමාව පසුකරන තෙක් අපි දකුණටවත් වමටවත් නොහැරෙන්නෙමුයයි කියන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 20:17
7 හුවමාරු යොමු  

“බැලුව මැනව, ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ආ කල, අම්මොන්වරුන් සහ මෝවබ්වරුන් ද සේයිර් කඳුකරේ වැසියන් ද අතරට පැමිණෙන්න ඔබ ඔවුන්ට ඉඩ නුදුන් බැවින්, ඔව්හු ඔවුන් විනාශ නොකර ඔවුන් වෙතින් අහක් ව ගියෝ ය.


දකුණු දිශාවේ විසූ අරාද් නම් කානානිය රජ අතාරිම් නම් මාර්ගය ඔස්සේ ඉශ්රායෙල්වරුන් එන බව ඇසූ විට, ඔහු ඔවුන් ආක්‍රමණය කර ඔවුන්ගෙන් සමහරෙකු අල්ලාගත්තේ ය.


‘ඔබේ දේශය මැදින් මට යන්නට අවසර දුන මැනව. මම මහ මාවත ඔස්සේ යමින් දකුණට හෝ වමට හෝ නොහැරෙන්නෙමි.


කන්නට ආහාර ද බොන්නට වතුර ද මුදලට දුන මැනව. මම දේශය මැදින් පයින් ම යමින්,


අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට දෙන්නට යන රටට, ජොර්දාන් ගඟෙන් එතෙර වන්නෙමි. සේයිර්හි පදිංචි ඒසව්ගේ පෙළපත ද ආර්හි පදිංචි මෝවබ්වරු ද අපට එසේ යන්නට අවසර දුන්නෝ ය’යි කීවෙමි.