“යමෙකු සම්පූර්ණ වශයෙන් සමිඳාණන් වහන්සේට මිනිසෙකු හෝ සතෙකු හෝ තමාට අයිති ඉඩමක් හෝ කැප කළොත්, එය විකිණිය නොහැක, ඒවා ආපසු නිදහස් කොට ගත නොහැක. එවැන්නෙක් හෝ එවැන්නක් හෝ සමිඳාණන් වහන්සේට සහමුලින් ම ශුද්ධ වස්තුවකි.
ගණන් කථාව 16:37 - Sinhala New Revised Version “පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්ට, ‘අළු මැදින් ධූම පාත්‍ර ඉවතට ගෙන ගිනි අඟුරු අහකට හළා දමන්නැ’යි කියන්න. මන්ද ඒවා ශුද්ධ ය. Sinhala New Revised Version 2018 “පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්ට, ‘අළු මැදින් ධූම පාත්‍ර ඉවතට ගෙන ගිනි අඟුරු අහකට හළා දමන්නැ’යි කියන්න. මන්ද ඒවා ශුද්ධ ය. Sinhala Revised Old Version ධූප භාජන ශුද්ධ නිසා ඒවා ගිනි මැදින් ගෙනෙන්ට පූජකවූ ආරොන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ට කියන්න; එහි ගින්න අහකට විසුරුවා දමන්න; |
“යමෙකු සම්පූර්ණ වශයෙන් සමිඳාණන් වහන්සේට මිනිසෙකු හෝ සතෙකු හෝ තමාට අයිති ඉඩමක් හෝ කැප කළොත්, එය විකිණිය නොහැක, ඒවා ආපසු නිදහස් කොට ගත නොහැක. එවැන්නෙක් හෝ එවැන්නක් හෝ සමිඳාණන් වහන්සේට සහමුලින් ම ශුද්ධ වස්තුවකි.
සියල්ලෝ ම තම තමන්ගේ ධූම පාත්‍ර රැගෙන ඒවායේ ගිනි අඟුරු බහා, ඒ මත සුවඳ ද්‍රව්‍ය දමා, මෝසෙස් සහ ආරොන් සමඟ සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සිටගත්හ.
සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් ඒවායින් පිදූ බැවින් ඒවා ශුද්ධ ය. එබැවින් හෘදය සාක්ෂියට විරුද්ධ ව පව් කළ මේ අයගේ ධූම පාත්‍ර ගෙන, පූජාසනය වැසීම සඳහා ඒවා පැතලි තහඩුවලට තැළිය යුතු ය. ඒවා ඉශ්රායෙල් ජනයාට ලකුණක් වනු ඇතැ”යි වදාළ සේක.
හෙට උදෑසන ඒවායේ ගිනි අඟුරු බහා, සුවඳ ද්‍රව්‍ය දමන්න. එවිට සමිඳාණන් වහන්සේ තෝරාගත්, උන් වහන්සේට කැප වූ තැනැත්තා කවරෙක් ද කියා දැනගත හැක. ලෙවීගේ වංශයේ පුත්‍රයෙනි, ඔබ හැමගේ මහන්තත්වය පමණට වැඩි”යි කීවේ ය.