Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 16:37 - Sinhala Revised Old Version

37 ධූප භාජන ශුද්ධ නිසා ඒවා ගිනි මැදින් ගෙනෙන්ට පූජකවූ ආරොන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ට කියන්න; එහි ගින්න අහකට විසුරුවා දමන්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 “පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්ට, ‘අළු මැදින් ධූම පාත්‍ර ඉවතට ගෙන ගිනි අඟුරු අහකට හළා දමන්නැ’යි කියන්න. මන්ද ඒවා ශුද්ධ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 “පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්ට, ‘අළු මැදින් ධූම පාත්‍ර ඉවතට ගෙන ගිනි අඟුරු අහකට හළා දමන්නැ’යි කියන්න. මන්ද ඒවා ශුද්ධ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 16:37
5 හුවමාරු යොමු  

එසේ ඔව්හු එකිනෙකා තම තමාගේ ධූප භාජනය ගෙන, ඒවායේ ගිනිබහා, එහි සුවඳ ද්‍රව්‍ය ලා, මෝසෙස් හා ආරොන් සමඟ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිටගත්හ.


ඒවායේ ගින්දර බහා, ස්වාමීන්වහන්සේ ඉදිරියේ එහි සුවඳ ද්‍රව්‍ය දමන්න. එවිට ස්වාමීන්වහන්සේ විසින් තෝරාගන්න මනුෂ්‍යයාම ශුද්ධ තැනැත්තා වන්නේය. ලෙවීගේ පුත්‍රයෙනි, නුඹලාගේ ලොකුකම් ඉතා වැඩියයි කීවේය.


ඒ අතරම කිසිවෙක් තමා සන්තක සියල්ලෙන් එනම් මිනිසුන්ගෙන් හෝ මෘගයන්ගෙන් හෝ තමාගේ උරුම කෙතෙන් හෝ ස්වාමීන්වහන්සේට තීන්දුවටම කැපකරන කිසිවක් විකුණන්ටවත් මුදාගන්ටවත් නුපුළුවන. තීන්දුවටම කැපකරන සියල්ල ස්වාමීන්වහන්සේට අති ශුද්ධය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:


තමුන්ගේම ප්‍රාණවලට විරුද්ධවුණ මේ පව්කාරයන්ගේ ධූප භාජනවලින් පූජාසනය වැසීමට තළාපු තහඩු සාදනු ලැබේවා. ඔවුන් ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළ බැවින් ඒවා ශුද්ධය. ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ලකුණක් පිණිස වන්නේයයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්