ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 15:7 - Sinhala New Revised Version

තවද, පානීය පූජාවක් වශයෙන් මිදියුස ලීටර් එකහමාරක් පිදිය යුතු ය. මේවා සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, පානීය පූජාවක් වශයෙන් මිදියුස ලීටර් එකහමාරක් පිදිය යුතු ය. මේවා සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පාන පූජාවක් පිණිස මුද්‍රිකපාන හිනකින් තුනෙන් කොටසක්ද ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස ඔප්පුකරන්න.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 15:7
8 හුවමාරු යොමු  

ඒ දවසට පසු දා ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කරමින්, ගොනුන් දහසකුත්, බැටළුවන් දහසකුත්, බැටළු වස්සන් දහසකුත් දවන පූජා කොට ද ඒවා සමඟ පානීය පූජා ද වෙනත් පූජා ද බොහෝ සෙයින් ම සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා සමිඳාණන් වහන්සේට ඔප්පු කළෝ ය.


එක බැටළු පැටවෙකු සමඟ පිරිසිදු තෙල් ලීටර් එකක් සමඟ ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ද පානීය පූජාවක් සඳහා මිදිරස ලීටර් එකක් ද ඔප්පු කළ යුතු ය.


නුඹලා පුදන එක් එක් බැටළු වස්සෙකු සමඟ ධාන්‍ය පූජාවක් වශයෙන් තෙල් ලීටර් එකහමාරක් ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ද පිදිය යුතු ය.


දවන යාග පූජාවක් වශයෙන් හෝ බාරයක් ඔප්පු කිරීමක් හෝ සහභාගිකමේ පූජාවක් වශයෙන් හෝ ගොනෙකු සමිඳාණන් වහන්සේට ඔප්පු කරන කල


“ඉශ්රායෙල් ජනයාට මෙසේ අණ කරන්න: ‘සුමිහිරි සුවඳක් මෙන් මට ප්‍රසන්න, ගින්නෙන් දවා මට පුදන ආහාර පඬුරු නියමිත කාලයේ දී ඔප්පු කළ යුතු ය.’ ”


ඒ බැටළු පැටවා සමඟ පානීය පූජාව වශයෙන්, ශුද්ධස්ථානය තුළ සමිඳාණන් වහන්සේගේ මහිමය සඳහා, සැර මිදියුස ලීටර් එකක් වත් කොට පිදිය යුතු ය.


පසුව නුමුහුන් රොටි කූඩයක් ද, තෙල් මිශ්‍ර කොට සිහින් පිටිවලින් සෑදූ රොටි ද, තෙල් ගාන ලද නුමුහුන් තුනී රොටි පෙති ද රොටි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද පිදිය යුතු ය.


මිදි වැල පිළිතුරු දෙමින්, ‘ඔබ කෙරෙහි රජකම් කරන පිණිස, මා දෙවිවරුන් සහ මනුෂ්‍යයන් ප්‍රීති කරවන මාගේ මිදියුස අත්හැරීම යුතු දැ’යි ඇසී ය.