Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 28:7 - Sinhala New Revised Version

7 ඒ බැටළු පැටවා සමඟ පානීය පූජාව වශයෙන්, ශුද්ධස්ථානය තුළ සමිඳාණන් වහන්සේගේ මහිමය සඳහා, සැර මිදියුස ලීටර් එකක් වත් කොට පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඒ බැටළු පැටවා සමඟ පානීය පූජාව වශයෙන්, ශුද්ධස්ථානය තුළ සමිඳාණන් වහන්සේගේ මහිමය සඳහා, සැර මිදියුස ලීටර් එකක් වත් කොට පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ඒකේ පාන පූජාව එක එක බැටළුපැටවාට හිනකින් සතරෙන් කොටසක්ය. ස්වාමීන්වහන්සේට පාන පූජාවක් පිණිස ශුද්ධස්ථානයෙහි මද්‍යපානය වත්කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 28:7
17 හුවමාරු යොමු  

මෙය සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි සම්මුඛ මණ්ඩපයේ දොරටුව අසල, නුඹේ සෑම පෙළපතක් මඟින් ම නොකඩවා ඔප්පු කළ යුතු දවන යාග පූජාවක් විය යුතු ය. එහි දී මම නුඹලා හමු වෙමි; නුඹලා සමඟ කතා කරමි.


ඔබගේ ඇදහිල්ල නමැති පූජාවත් සේවයත් මත මා ද පූජාවක් ලෙස ඔප්පු කරනු ලැබුවත් සන්තෝෂ වෙමි. ඔබ හැම සමඟ ප්‍රීති වෙමි.


සමහර විට එතුමාණන් සිය සිත වෙනස් කරගෙන කමා වී අපට ආශීර්වාද කිරීම නිසා, ආහාර පූජා ද පානීය පූජා ද ඔබේ දෙවි සමිඳුන්ට ඔප්පු කරන්නට හැකි වනු ඇද්දැ යි කවරෙක් දනිත් ද?


“පූජකවරුනි, ගෝණි රෙදි ඔතාගෙන වැලපෙන්න. පුදසුනේ සේවකයෙනි, කෑමොරගසන්න. පූජකවරුනි, ගෝණි රෙදි පොරවාගෙන මුළු රැයක් වැතිර සිටින්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට ආහාර පූජාවත්, පානීය පූජාවත් කිසිත් නැත.


දේව මාලිගාවේ ආහාර පූජාව ද පානීය පූජාව ද නැත. පූජකවරු, සමිඳුන්ගේ පූජකවරු, වැලපෙන්නෝ ය.


නමස්කාර කරන පිණිස නුඹලා මිටියාවතේ ගල් ගෙන ඒවාට පාන පූජා වගුරුවා, ආහාර පූජා කරන්නහු ය. නුඹලා මේ දේවල් කරද්දී මම සතුටු වන්නෙම් ද?


නිරන්තර දවන යාග පූජාවට ද කැළැල් නැති සතුන් විය යුතු ය. පුදන ධාන්‍ය පූජාවට අමතර ව පානීය පූජාව ද ඉහත කී පූජා ද ඔප්පු කළ යුතු ය.


පිදිය යුතු පානීය පූජාව නම් එක එක ගොන් වස්සෙකු සමඟ මිදියුස ලීටර් දෙකකි, බැටළු වස්සා සමඟ මිදියුස ලීටර් එකහමාරකි, එක එක බැටළු පැටියා සමඟ මිදියුස ලීටර් එකකි. අවුරුද්දේ සෑම මාසයක ම මේ දවන යාග පූජාව පිදිය යුතු ය.


පානීය පූජාවක් වශයෙන් මිදියුස ලීටර් දෙකක් ද ගෙනා යුතු ය. ගින්නෙන් දවා පිදූ මෙය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි.


තවද, පානීය පූජාවක් වශයෙන් මිදියුස ලීටර් එකහමාරක් පිදිය යුතු ය. මේවා සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.


නුඹලා දවන යාග පූජාවක් වශයෙන් පුදන එක් එක් බැටළු පැටියෙකු සමඟ, පානීය පූජාවක් වශයෙන් මිදියුස ලීටර් එකක් ද පිදිය යුතු ය.


ඒ සමඟ ම තෙලින් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකක් ධාන්‍ය පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වන ලෙස ගින්නෙන් දවා උන් වහන්සේට පූජා කළ යුතු ය. තවද, මුද්‍රික පානය ලීටර එකක් ගෙන එය ද පානීය පූජාවක් ලෙස ඔප්පු කළ යුතු ය.


තවද, එය මත තහනම් වූ සුවඳ ද්‍රව්‍යයන් හෝ දවන යාග පූජාවක් වත්, ධාන්‍ය පූජාවක් හෝ පානීය පූජාවක් වත් ඔප්පු නොකළ යුතු ය.


එක බැටළු පැටවෙකු සමඟ පිරිසිදු තෙල් ලීටර් එකක් සමඟ ඇනූ සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ද පානීය පූජාවක් සඳහා මිදිරස ලීටර් එකක් ද ඔප්පු කළ යුතු ය.


මෙය වනාහි සුමිහිරි සුවඳක් මෙන් සමිඳාණන් වහන්සේට ප්‍රසන්න, ගින්නෙන් දවා සීනයි කන්දේ දී පිදීමට නියම, සදහට ම වලංගු, දවන යාග පූජාවකි.


අනික් බැටළු පැටවා සවස ඔප්පු කළ යුතු ය. උදය පිදූ ධාන්‍ය පූජාව සහ පානීය පූජාව පරිදි සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් මෙන්, එය ගින්නෙන් දවා ඔප්පු කළ යුතු ය.”


එහෙත්, උගේ අතුණු ද කකුල් ද වතුරෙන් සෝදා, පූජකවරයා ඒ සියල්ල පූජාසනය මත දැවිය යුතු ය. එවිට ගින්නෙන් දවා පුදන ලද, මේ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්