එවිට සමිඳාණන් වහන්සේ, “මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසි අයෙක් මුළු මහ පොළොවෙහි නැතැ”යි වදාළ සේක.
ගණන් කථාව 12:7 - Sinhala New Revised Version මා සේවක මෝසෙස් එසේ නොවේ, ඔහුට මාගේ මුළු සෙනඟ භාර දී ඇත. Sinhala New Revised Version 2018 මා සේවක මෝසෙස් එසේ නොවේ, ඔහුට මාගේ මුළු සෙනඟ භාර දී ඇත. Sinhala Revised Old Version මාගේ මෙහෙකරුවූ මෝසෙස් එසේ නොවේ; ඔහු මාගේ මුළු ගෘහයෙහි ඉතා විශ්වාසිකය. |
එවිට සමිඳාණන් වහන්සේ, “මාගේ සේවක ජෝබ් ගැන සොයා බැලීමට නුඹට අවස්ථාවක් වී ද? ඔහු වැනි විනය ගරුක, අවංක, දේව භය ඇති, පවින් වැළකී සිටින අන් කිසි අයෙක් මුළු මහ පොළොවෙහි නැතැ”යි වදාළ සේක.
යමෙකු තම මිතුරා හා සමඟ කතා කරනු මෙන් සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ මුහුණට මුහුණ ලා කතා කළ සේක. ඉන්පසු ඔහු කඳවුරට එන්නට ආපසු හැරුණ නමුත් ඔහුගේ තරුණ සේවක නූන්ගේ පුත්, ජෝෂුවා සම්මුඛ මණ්ඩපයෙන් නික්ම නොගියේ ය.
සැබැවින් ම මම ඔබට කියමි, මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා උතුම් කෙනෙක් පහළ නො වී ය. එහෙත් ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුව ද, ඔහුට වඩා උතුම් ය.
එහෙත්, කුමක් සඳහා පිටත් ව ගියහු ද? දිවැසිවරයෙකු බලන පිණිස ද? එසේය යි මම ඔබට කියමි. දිවැසිවරයෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙකු බලන පිණිස ය.
නුඹේ සහෝදර ජනතාව අතරෙන් නුඹ හා සමාන දිවැසිවරයෙකු තෝරා පත් කොට, ඔහු කිය යුතු දේ ඔහුට කියා දෙන්නෙමි. ඔහුට මා අණ කරන සියල්ල, ඔවුන්ට ඔහු දන්වනු ඇත.
මා ප්‍රමාද වුණොත්, දෙවියන් වහන්සේගේ පවුලෙහි අය කෙසේ හැසිරිය යුතු ද කියා ඔබ දැනගන්නා පිණිස ය. ඒ පවුල වනාහි ජීවමාන දෙවියන් වහන්සේගේ සභාව ය; එය සත්‍යයේ කණුව හා මුල් ගල වේ.
සමිඳාණන් වහන්සේගේ සේවක වූ මෝසෙස්ගේ මරණයෙන් පසු, ඔහුගේ සහකාර වූ නූන්ගේ පුත් ජෝෂුවාට උන් වහන්සේ කතා කොට, මෙසේ වදාළ සේක:
“මාගේ සේවක වූ මෝසෙස් මළේ ය. දැන් ඉතින් නුඹත්, මේ මුළු සෙනඟත් නැඟිට, ඔවුන්ට එනම්, ඉශ්රායෙල් ජනතාවට මා දෙන්නට යන දේශයට ජොර්දාන් ගඟින් එගොඩ වී යන්න.