ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 11:13 - Sinhala New Revised Version

මේ මුළු සෙනඟට මා මස් කොහෙන් සොයා ගෙනැවිත් කන්න දෙන්න ද? ‘අපට කන්නට මස් දෙන්නැ’යි කියා ඔව්හු මා ළඟ හඬමින් සිටිති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මේ මුළු සෙනඟට මා මස් කොහෙන් සොයා ගෙනැවිත් කන්න දෙන්න ද? ‘අපට කන්නට මස් දෙන්නැ’යි කියා ඔව්හු මා ළඟ හඬමින් සිටිති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මේ මුළු සෙනඟට කන්ට මස් මට කොයින්ද? මක්නිසාද: අපට මස් කන්ට දෙන්නැයි කියා ඔව්හු අඬමින් මට කියති.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 11:13
9 හුවමාරු යොමු  

ඔහුගේ මෙහෙකරුවා, “කිමෙක් ද? මේවා මනුෂ්‍යයන් සියයක් ඉදිරියෙහි තබන්න දැ”යි ඇසී ය. එහෙත් ඔහු, “ඒවා සෙනඟට කන්න දෙන්න; මන්ද, ඔවුන් අනුභව කොට ඉතිරි කරනු ඇත කියා සමිඳාණන් වහන්සේ වදාරන සේකැ”යි පැවසී ය.


එවිට තම අතට රජු හේත්තු වී සිටි නිලධාරියා දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට උත්තර දෙමින්, “සමිඳාණන් වහන්සේ අහසේ කවුළු සාදා වැසි එව්වත් මෙය සිදු විය හැකි දැ”යි කී ය. “එය ඔබේ ඇස්වලින් දකින්නෙහි ය. එහෙත්, එයින් නොකන්නෙහි ය”යි ඔහු පැවසී ය.


මුළු මාසයක් ම නාහෙන් කටින් දාන තෙක්, එය අප්‍රිය වන තෙක් කනු ඇත. මන්ද, ඔබ අතර සිටින අය සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, ‘මිසර දේශයෙන් අප පිටතට ගෙනාවේ මන් ද?’ කිය කියා හැඬූ නිසා”යි වදාළ සේක.


මෝසෙස් උන් වහන්සේ අමතා, “මා අවට සිටින පාබල සෙනඟ හයදාහකි. ‘මම ඔවුන්ට මුළු මාසයක් ම කෑමට මස් දෙමි’යි ඔබ වදාරන සේක.


ඔවුන් උදෙසා එළු බැටළු සහ ගව පට්ටි මැරුවොත්, ඔවුන්ට සෑහේ ද? එසේ නැත්නම් මුහුදේ මසුන් සියල්ල එකට එක්රැස් කළොත් ඔවුන්ට සෑහේ දැ”යි ඇසී ය.


ශ්‍රාවකයෝ උන් වහන්සේට කතා කොට, “මෙතරම් මහත් සමූහයකට සෑහෙන තරම් කන්න දීමට මේ පාළුකරයෙහි අපට කෑම කොයින් දැ”යි ඇසූ හ.


උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින්, “මෙවැනි පාළුකරයක මොවුන්ට කොහොන් කෑම සපයා දෙන්න දැ”යි උන් වහන්සේගෙන් ඇසුවෝ ය.


ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබට හැකි නම්, කියා ඔබ කීවෙහි ද? අදහන්නාට සියල්ල හැකි ය”යි වදාළ සේක.