Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 11:20 - Sinhala New Revised Version

20 මුළු මාසයක් ම නාහෙන් කටින් දාන තෙක්, එය අප්‍රිය වන තෙක් කනු ඇත. මන්ද, ඔබ අතර සිටින අය සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, ‘මිසර දේශයෙන් අප පිටතට ගෙනාවේ මන් ද?’ කිය කියා හැඬූ නිසා”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මුළු මාසයක් ම නාහෙන් කටින් දාන තෙක්, එය අප්‍රිය වන තෙක් කනු ඇත. මන්ද, ඔබ අතර සිටින අය සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, ‘මිසර දේශයෙන් අප පිටතට ගෙනාවේ මන් ද?’ කිය කියා හැඬූ නිසා”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 එක දවසක් නොව දෙදවසක් නොව පස් දවසක් නොව දස දවසක් නොව විසි දවසක් නොව මාසයක් මුළුල්ලේම මාංස නුඹලාගේ නාස්පුඩුවලින් නික්ම නුඹලාට පිළිකුල් වන තුරු නුඹලා ඒවා කනවා ඇතැයි සෙනඟට කියන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 11:20
21 හුවමාරු යොමු  

ඒ නිසා ඔවුන් ඉල්ලූ දේ එතුමාණෝ ඔවුන්ට දුන් සේක: එහෙත්, ඔවුන් වනසන රෝගයක් ද එවූ සේක.


සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින්, “මේ පාළුකරයේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අපට කන්නත් නැත, බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැ”යි පැවසූ හ.


එහෙත්, නුඹලාගේ සියලු විපත්තිවලින් ද පීඩාවලින් ද නුඹලා ගැළෙවු නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා නුඹලා අද එපා කර, නුඹලාට රජ කෙනෙකු පත් කරන ලෙස මාගෙන් ඉල්ලන්නහු ය. එබැවින් දැන් නුඹලා ගෝත්‍ර වශයෙන් ද පවුල් වශයෙන් ද ස්වාමීන් වන මා ඉදිරියේ රැස් වන්න.’ “


එබැවින් මේ ඉගැන්වීම ප්‍රතික්ෂේප කරන්නා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ මනුෂ්‍යයා නොව, ස්වකීය ශුද්ධාත්මයාණන් ඔබට ප්‍රදානය කරන දෙවියන් වහන්සේ ය.


‘හෙළා දකින්නෙනි, බලන්න, පුදුම වන්න, පුදුම වී වැනසෙන්න; මන්ද, ඔබගේ දවස්වල දී එක් ක්‍රියාවක් කරමි. ඒ ක්‍රියාව ගැන යමෙක් ඔබට පැවසුවත් ඔබ එය කිසිසේත් විශ්වාස නොකරන්නහු ය,’ “ යනු යි.


“පුත්‍රයා තමාගේ පියාටත්, මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරව කරති. මා නුඹලාගේ පියා නම්, නුඹලා මට ගෞරව නොකරන්නේ මන් ද? මා නුඹලාගේ ස්වාමියා නම් මට ගරුබුහුමන් නොදෙන්නේ මන්ද කියා අවමන් කරන පූජකවරුන්ගෙන් සියලු බලැති සමිඳාණන් වහන්සේ අසන සේක. ‘අප ඔබට අවමන් කෙළේ කෙසේ දැ’යි නුඹලා අසන්නහු ය.


කුස පුරා කෑ අයට මී වදයත් එපා වේ; සාගිනි ඇති අයට තිත්ත කදුරුත් මිහිරි වේ.


ඉතින් මා සුළු කොට සිතා, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත් බැවින් කඩු පහර කිසි කලක නුඹේ වංශයෙන් පහ නොවන්නේ ය.’


එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වන මම මෙසේ කියමි: නුඹේ වංශයත්, නුඹේ පියාගේ වංශයත් මා ඉදිරියෙහි සදහට ම සේවය කරනු ඇත. එහෙත්, දැන් ස්වාමීන් වන මම එය මාගෙන් දුරු වේ වා යි කියමි. මන්ද, මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි. මා හෙළා දකින්නන් නින්දාවට පමුණුවන්නෙමි.


මුළු සෙනඟ අමතා, “මේ ගල අපට සාක්ෂියක් පිණිස තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ අපට වදාළ සියලු වචන ඒ ගලට ඇසුණේ ය. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන පිණිස ඒ ගල ඔබට සාක්ෂියක් වන්නේ ය”යි කීවේ ය.


ඉන්පසු සවස් කාලයේ දී වටුවන් වර්ගයක් අවුත් කඳවුර වසාගති. උදය කාලයේ දී කඳවුර සිසාරා පිනි තට්ටුවක් විය.


මෝසෙස් යළිත් කතා කරමින්, “සමිඳාණන් වහන්සේ ඔබට සවස් කාලයේ කෑමට මාංස ද, උදය කාලයේ ඇති තරම් රොටි ද දෙන සේක. එසේ වන්නේ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කී මැසිවිලි උන් වහන්සේ අසා ඇති බැවිනි. සැබෑවට ම අපි කවුරු ද? ඔබ මැසිවිලි කීවේ අපට විරුද්ධ ව නොව සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ය”යි කී ය.


නුඹලා එය දවසක්, දෙකක්, දවස් පහක්, දහයක්, විස්සක් හෝ නොව


මෝසෙස් උන් වහන්සේ අමතා, “මා අවට සිටින පාබල සෙනඟ හයදාහකි. ‘මම ඔවුන්ට මුළු මාසයක් ම කෑමට මස් දෙමි’යි ඔබ වදාරන සේක.


ඔව්හු ඔවුන්ට කතා කොට, “මිසර දේශයේ දී සමිඳාණන් වහන්සේගේ අතින් අපි මැරුණෙමු නම් කෙතරම් යහපත් ද? එහි දී අපට, මස් පිරුණු බඳුන් ළඟ වාඩි වී, ඇති තරම් කෑම කන්න පුළුවන්කම තිබිණි. එහෙත්, ඔබ මේ මුළු ජනතාව සාගින්නෙන් මරාදැමීමට මේ පාළුකරයට ගෙනාවහු ය”යි කී හ.


මේ මුළු සෙනඟට මා මස් කොහෙන් සොයා ගෙනැවිත් කන්න දෙන්න ද? ‘අපට කන්නට මස් දෙන්නැ’යි කියා ඔව්හු මා ළඟ හඬමින් සිටිති.


යුද්ධයෙන් අප නසාලන්නටත්, අපේ අඹුදරුවන් බිලි කරන්නටත්, සමිඳාණන් වහන්සේ මේ දේශයට අපව ගෙනාවේ ඇයි දැ”යි කී හ.


ඉන්පසු ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි නායකයෙකු තෝරාගෙන මිසර දේශයට යමු”යි කතා කරගත් හ.


මේ පාළුකරයේ අප මරා දමනු පිණිස, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන රටකින් අප පිටතට ගෙන ඒමෙන් ඔබ කෙළේ සුළු අපරාධයක් ද? දැන් ඔබට උවමනා වී ඇත්තේ අප පාලනය කරන්නට ද?


ඔබ දෙදෙන සමිඳාණන් වහන්සේගේ සෙනඟ මේ පාළුකරයට ගෙනාවේ මන් ද? අපත් අපේ ගවමහිෂයනුත් මරාදමන්නට ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්