හදිසියෙන් පිට වී යන්න නුඹලාට සිදු නොවේ; බේරී පලා යන්න නුඹලාට සිදු නොවේ; සමිඳාණෝ නුඹලාට පෙරටු ව යන සේක. සමිඳාණෝ නුඹලා පසුපස්සෙන් එන සේක.
ගණන් කථාව 10:25 - Sinhala New Revised Version ඉන්පසු දාන්ගේ දරුපරපුර පදිංචි වූ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක කඳවුර පිටුපසින් යන ආරක්ෂක භටයන් මෙන් පිළිවෙළට ගමන් ගත්හ. දාන්ගේ සේනාංකයේ සෙන්පතියා අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් විය. Sinhala New Revised Version 2018 ඉන්පසු දාන්ගේ දරුපරපුර පදිංචි වූ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක කඳවුර පිටුපසින් යන ආරක්ෂක භටයන් මෙන් පිළිවෙළට ගමන් ගත්හ. දාන්ගේ සේනාංකයේ සෙන්පතියා අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් විය. Sinhala Revised Old Version සියලු කඳවුරුවලින් අන්තිම එකවූ දාන් පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියෙසෙර්ය. |
හදිසියෙන් පිට වී යන්න නුඹලාට සිදු නොවේ; බේරී පලා යන්න නුඹලාට සිදු නොවේ; සමිඳාණෝ නුඹලාට පෙරටු ව යන සේක. සමිඳාණෝ නුඹලා පසුපස්සෙන් එන සේක.
එවිට අරුණෝදය මෙන් මාගේ එළිය උදා වී, ඉක්මනින් නුඹලාට සුවසෙත ගෙන දේවි. ඔබේ දැහැමි සිරිය ඔබ පෙරටුවෙන් ද සමිඳුන්ගේ තෙද සිරිය ඔබ පසුපස ද ඔබේ සුරැකියාව සඳහා ගමන් ගන්නේ ය.
දස වන දවසේ දී අම්මිෂද්දයිගේ පුත් අහියේසර් වන දාන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.
පූජකවරු සත්දෙනා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් බැටළු අං හොරණෑ සත රැගෙන නොනැවතී හොරණෑ පිඹිමින් ගියෝ ය. සන්නාහ සන්නද්ධ ව සිටි අය ඔවුන්ට පෙරටුවෙන් ගියෝ ය; පූජකයන් හොරණෑ පිඹිමින් යද්දී, සෙසු අය සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පස්සෙන් ගියෝ ය.
සන්නාහ සන්නද්ධ වූ භටයෝ හොරණෑ පිඹින පූජකවරුන්ට පෙරටුවෙන් ගියෝ ය. පූජකයන් හොරණෑ පිඹිමින් යද්දී සෙසු අය ගිවිසුම් කරඬුවට පස්සෙන් ගියෝ ය.