Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 10:25 - Sinhala New Revised Version 2018

25 ඉන්පසු දාන්ගේ දරුපරපුර පදිංචි වූ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක කඳවුර පිටුපසින් යන ආරක්ෂක භටයන් මෙන් පිළිවෙළට ගමන් ගත්හ. දාන්ගේ සේනාංකයේ සෙන්පතියා අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ඉන්පසු දාන්ගේ දරුපරපුර පදිංචි වූ කඳවුරේ ධජය යටතේ සිටි සේනාංක කඳවුර පිටුපසින් යන ආරක්ෂක භටයන් මෙන් පිළිවෙළට ගමන් ගත්හ. දාන්ගේ සේනාංකයේ සෙන්පතියා අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 සියලු කඳවුරුවලින් අන්තිම එකවූ දාන් පුත්‍රයන්ගේ කඳවුරේ ධජය ඔවුන්ගේ සේනාවල හැටියට පිටත්ව ගියේය. ඔහුගේ සේනාවට අධිපතියා අම්මිෂද්දයිගේ පුත්‍රවූ අහියෙසෙර්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 10:25
12 හුවමාරු යොමු  

සන්නාහ සන්නද්ධ වූ භටයෝ හොරණෑ පිඹින පූජකවරුන්ට පෙරටුවෙන් ගියෝ ය. පූජකයන් හොරණෑ පිඹිමින් යද්දී සෙසු අය ගිවිසුම් කරඬුවට පස්සෙන් ගියෝ ය.


දාන්ගේ ගෝත්‍රයෙන් අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර් ය.


එවිට අරුණෝදය මෙන් මාගේ එළිය උදා වී, ඉක්මනින් නුඹලාට සුවසෙත ගෙන දේවි. ඔබේ දැහැමි සිරිය ඔබ පෙරටුවෙන් ද සමිඳුන්ගේ තෙද සිරිය ඔබ පසුපස ද ඔබේ සුරැකියාව සඳහා ගමන් ගන්නේ ය.


හදිසියෙන් පිට වී යන්න නුඹලාට සිදු නොවේ; බේරී පලා යන්න නුඹලාට සිදු නොවේ; සමිඳාණෝ නුඹලාට පෙරටු ව යන සේක. සමිඳාණෝ නුඹලා පසුපස්සෙන් එන සේක.


දස වන දවසේ දී අම්මිෂද්දයිගේ පුත් අහියේසර් වන දාන්ගේ දරුපරපුරේ මූලිකයා තම පඬුරු පිදී ය.


බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ගිදෙයොනිගේ පුත් අබිදාන් විය.


ආෂෙර්ගේ ගෝත්‍රයට අයත් වූවන්ගේ සේනාංකයේ සෙන්පතියා ඔක්‍රාන්ගේ පුත් පගියෙල් විය.


පූජකවරු සත්දෙනා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පෙරටුවෙන් බැටළු අං හොරණෑ සත රැගෙන නොනැවතී හොරණෑ පිඹිමින් ගියෝ ය. සන්නාහ සන්නද්ධ ව සිටි අය ඔවුන්ට පෙරටුවෙන් ගියෝ ය; පූජකයන් හොරණෑ පිඹිමින් යද්දී, සෙසු අය සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පස්සෙන් ගියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්